• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය ( ITBPO ) ආශ්‍රිත ව වසර 2022 ශ්‍රී ලංකාව තුළ රැකියා අවස්ථාවන්

it bpoතොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි  බාහිරකරණය ( ITBPO ) ආශ්‍රිත ව වසර 2022 වන විට ශ්‍රී ලංකාව තුළ  රැකියා අවස්ථාවන් ලක්‍ෂ හතරක් පමණ  උත්පාදනය විය හැකි බව අපේක්‍ෂා කෙරේ. මේ සදහා වන මානව සම්පත සුදානම් කිරීමේ එක් අදියරක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් දිවයිනේ පාසල් මට්ටමින් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මේ අනුව ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර, අනුරාධපුරය, බදුල්ල,  යාපනය ඇතුලු   දිවයිනේ දිස්ත්‍රික්ක 11 පමණ මෙම වැඩසටහන සාර්ථක ලෙස  පවත්වා අවසන් කර තිබෙන බවත්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස්දහසක් පමණ පිරිසකට මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙන බවත්,  නියෝජිතායතනය පවසයි.

මෙහි අලුත්ම දැනුවත් කිරීමේ වැඩසටහන නැගෙනහිර පළාතේ පාසල් 60 කට අයත් පාසල් ශීෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහස් පන්සියයකගේ පමණ සහභාගීත්වයෙන් මඩකලපුව මහජන විද්‍යාලයේදී පැවැත්විණි.

තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි  බාහිරකරණය පිළිබඳ ව නිපුනතාවයකින් හෙබි වෘත්තීයවේදීන් පිරිසක් විසින් මෙහිදී විශේෂ දේශන පවත්වන ලද  අතර, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීය මාර්ගෝපදේශන ලබාදීමද මෙහිදී  සිදු කෙරිණි.

දෙදිනක් පුරා පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගි වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහොමයක් දෙනා සඳහන් කර සිටියේ මෙය තමන්ට නවමු අත්දැකීමක් වු බවත් වේගයෙන් වෙනස් වන ලෝකයක අනාගතය ජය ගැනීමට මෙය මහගු පිටු බලයක් වු බවත්ය.

විදුහල්පතිවරුන්ට සහ තොරතුරු තාක්‍ෂණ විෂ්‍යය උගන්වන ගුරුමහත් ම මහත්මීන්ටද තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි  බාහිරකරණ ක්ෂේත්‍රයේ වැදගත්කම පිළිබඳ ව දැනුම්වත් කිරීමේ  වැඩමුළු ද මීට සමඟාමී ව  පැවැත්විණි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්‍ෂණ අංශය ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබේ.

www.futurecareers.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකි වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.