• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් හයිද්‍රාබාද් වෙත ගුවන් ගමන් ආරම්භ කරයි

srilankan2016ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ හතරවැනි  විශාලත ම නගරය වන හයිද්‍රාබාද් වෙත සිය ගුවන් මෙහෙයුම් පසුගියදා (ජූලි මස 12 වැනිදා ) ආරම්භ කරනු ලැබීය.


ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ අගනගරය වන හයිද්‍රාබාද් වෙත සතියකට ගුවන් ගමන් වාර 4ක් සිදුකිරීමට ගුවන් සමාගම කටයතු කරනු ලැබේ. හයිද්‍රාබාද් වෙත මෙහෙයුම් ආරම්භ කිරීමෙන් ගුවන් මගීන්ට   ශ්‍රීලංකන් ගෝලිය ගුවන් ගමන් ජාලය හරහා  ලෝකය වෙත සම්බන්ධ  වීමට අවස්ථා උදාවනු ඇත. 


ශ්‍රීලංකන් මෙහෙයුම් සිදුකරන දකුණු ඉන්දීය නගර 3 අතර එක් ගමනාන්තයක් ලෙස හයිද්‍රාබාද්  හැදින්විය හැකි අතර ගුවන් සමාගම අනෙක් ගමනාන්ත වන විසාකාපට්නම් (ජූලි මස 8 වැනිදා )සහ කොයින්බටූර් (ජූලි මස 16 වැනිදා) වෙත නව ගුවන් ගමන් මෙහෙයුම් සිදුකරනු ඇත. මෙම නව ගමනාන්ත සමගින් ශ්‍රීලංකන් ඉන්දියාවේ ගමනාන්ත 14 ක් වෙත ගුවන් ගමන් 126ක් සිදුකරමින් චෙන්නායි, තිරිවනාතපුරම්, තිරුචිරප්පල්ලි, මුම්බායි, නවදිල්ලිය, බුද්ධගයාව, මදුරෙයි, වරණාසි, කොචින්, බැංගලෝරය  සහ කල්කටා  වෙත සිය ගුවන් මෙහෙයුම් ව්‍යාප්ත කර ඇත.


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන්  මහතා ප්‍රකාශ කර සිටියේ “  හයිද්‍රාබාද් වෙත අප ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි. එමගින් අපගේ ගෝලීය ගුවන් ගමන්  ජාලය වෙත තවත් ඉතා වැදගත් ගමනාන්තයක් එක්වනු ඇතැයි ගුවන් සමාගම  විශ්වාස කරන බවද  ඒ  මහතා  කියා සිටියේය. මෙමගින් ගුවන් සමාගම ආසියා කලාපය වෙත ගුවන් සේවා සැපයීම සඳහා  ලබාදෙන අඛණ්ඩ කැපවීම මෙන්ම ගුවන් මගීන්ට සුවපහසු ගුවන් ගමනක අත්දැකීම ලබාදීම ද පෙන්නුම් කරන බව ඒ මහතා  වැඩිදුරටත්  කියා සිටියේය. 


හයිද්‍රාබාද් වෙත සිදුකරන සියලු ම ශ්‍රීලංකන්  ගුවන් මෙහෙයුම් සඳහා ගුවන් සමාගම විසින්  නවීන එයාර්බස්  ගුවන්  යානා වන A320neo සහ  A321neo යොඳවා ඇති අතර එහි නවීන ගුවන් අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතිය මගින් ගුවන් මගීන්ට සුවපහසු ගුවන් ගමනක අත්දැකීම ඇතුළු ශ්‍රීලංකන් උණුසුම් ආගන්තුක සත්කාරය ද අත්විඳිමට අවස්ථාව ලැබේ. 


ශ්‍රීලංකන් ආරම්භ කරනු  ලබන මෙම  නව ගුවන් සේවාව සමගින් විසාකාපටිනම් හි සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සුන්දර සංචාරක ආකර්ෂණීය ස්ථාන දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ.   ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්ත අතර වේගයෙන් දියුණු වන රටක් බවට පත්වෙමින් සිටින යුගයක මෙම නව සංචාරක පැමිණීම් තවදුරටත් වර්ධනය වීමට හැකිවනු ඇත. 


මෙම නව ගුවන් සේවා ආරම්භ කිරීමත් සමග හයිද්‍රාබාද් හරහා සියලුම ව්‍යාපාර ප්‍රජාවට ගුවන් සම්බන්ධතා පහසු ලෙස සිදුකිරීමටත් විශේෂයෙන් ඉන්දියාවේ ප්‍රධානත ම කාර්මික නගරයක් වන හයිද්‍රාබාද් නගරයේ සිට ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය හරහා  පහසුවෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමටත් අවස්ථා උදාවෙනු ඇත.  


මෙම නව ගමනාන්ත එක්වීමත් සමඟ ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ගමන්  ජාලය රටවල් 47 ගමනාන්ත 105 දක්වා ව්‍යාප්ත වී ඇත.  වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන් ගමන්  ජාලයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් ශ්‍රීලංකන් ගුවන් මගීන්ට වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හා එක්ව  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකිරීමේ  අවස්ථාව හිමිවී ඇත.


ගුවන් ගමන්  කාලසටහන පහත දැක්වේ.:
 
 
 
 

ආරම්භක අංශය

ගමනාන්තය

පිටත්වීම

පැමිණීම

මෙහෙයුම් සිදුකරන දින

කොළඹ

හයිද්‍රාබාද්

පැය 0700. (දේශීය වේලාව)

පැය 0855
(දේශීය වේලාව)

සඳුදා, බදාදා, සිකුරාදා, ඉරිදා

හයිද්‍රාබාද්

කොළඹ

පැය 0950
(දේශීය වේලාව)

පැය 1145
(දේශීය වේලාව)

 



වැඩිදුර තොරතුරු සඳහා  www.srilankan.com වෙත පිවිසෙන්න

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.