• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කසළ ප්‍රශ්නයට විසඳුම් ලෙස මුතුරාජවෙල ආශ්‍රිත ව විදුලි ජනනය කිරීමේ ව්‍යාපෘතියක්

power outage 2017 7 17කසළ බැහැර කිරීමේ ගැටලුවට විසඳුම් ලෙස ඇරඹීමට නියමිත ව්‍යාපෘති අතුරින් මුතුරාජවෙල ආශ්‍රිතව විදුලි ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කොට ඇත.



මෙම ව්‍යාපෘතියෙ හි තැනීම් කටයුතු අගෝස්තු මස 10 දින ආරම්භ කෙරෙන බවත් මෙමගින් දිනකට කසළ මෙට්‍රික් ටොන් 500ක් යොදා ගනිමින් විදුලිය ජනනය කිරීම සිදු කෙරෙන බවත් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවැන්න මහතා පැවසීය.


මෙමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින කසළ බැහැර කිරීමේ ගැටලුවට විසඳුම් ලැබෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සඳහා මහ නගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය හා මධ්‍යම පරිසර අධිකාරියෙ හි අධීක්ෂණය යටතේ කොරියානු තාක්ෂණයෙන් යුතුව පරිසරයට කිසිදු හානියක් නොවන සේ මෙම ව්‍යාපෘතිය විද්‍යානුකූලව සැකසෙන බව ද කීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.