• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජල ගැටලු පිළිබඳ ජංගම සේවය හෙට

water 20172020 සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ජාතික වැඩසටහනට සමඟාමී ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා පැවැත්වෙන ජංගම සේවාව හෙට (15) පෙරවරු 9.30ට ත්‍රිකුණාමලය  නුවර පාරේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි(නැගෙනහිර) කාර්යාලයේ දී පැවැත්වේ.



නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වෙන මෙම ජංගම සේවාවට නගර සැලසුම් හා ජල සම්පාදන  රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, නැගෙනහිර පලාත් ප්‍රධාන අමාත්‍ය ඉසෙඩ්.ඒ.නසීර් අහමඩ්  මැතිතුමා ඇතුළු නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.