• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අවිධිමත් ලෙස මහා මාර්ග වලට ලෙස කසළ බැහැර කරන්නන් ඇල්ලීමට විශේෂ මෙහෙ‍යුම් ඒකකයක්

GARBAGE on road2017මහා මාර්ග සහ ඒ අවට ප්‍රදේශවලට අවිධිමත් ලෙස කැලි කසළ බැහැර කරන්නන් වැටලීම සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කොට ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.



අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ අද (14) හරිත පුණ්‍ය භූමි වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.


මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට බලපාන හේතු අතරින් එක් සාධකයක් ලෙස අවිධිමත් කසළ බැහැර කිරිම හැදින්විය හැකි බව පැවසූ අතර, කසළ කළමනාකරණය කිරීම සඳහා ගෙන යන ජාතික වැඩසටහන යටතේ ලංකාවේ පළාත් නවය ආවරණය වන පරිදි කොම්පෝස්ට් ව්‍යාපෘති නවයක් ආරම්භ කිරීමට කටයුතු යොදන බවද පැවසීය.


ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සඳහා ජනතාවගේ නොසැලකිල්ලද බලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන පරිසරයක් පවත්වාගෙන යන රජයේ ආයතනවල ප්‍රධානීන්නට නඩු දැමීමට අවශ්‍ය නීති සකස් කරන බවද පැවසීය.

 
මේ පිළිබඳ තමන් විසින් කැබිනට් මණ්ඩලයද දැනුවත් කළ බව පැවසූ අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුමැතියද ඒ සඳහා හිමි වූ බව පැවසීය. මේ සඳහා අවශ්‍ය බලතල සෞඛ්‍ය පරික්ෂකවරුන්ට ලබා දෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.