• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගැබිනි මව්වරුන්ගේ පෝෂණය නැංවීමේ විශේෂ වැඩසටහනක් ජනපති ප‍්‍රධානත්වයෙන්

He news 2017 7 17මධ්‍යම පළාතේ මාතෘ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල සංවිධානය කළ ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මලු හා වියළි සලාක බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.


මධ්‍යම පළාතේ ගැබිනි මව්වරුන් දහසකට අධික ප‍්‍රමාණයකට මෙම වියළි සලාක හා පෝෂණ මලු බෙදාදීම සිදුකෙරුණු, අතර එය සංකේතවක් කරමින් ජනාධිපතිතුමා විසින් ගර්භනී මව්වරුන් වෙත වියළි සලාක හා පෝෂණ මලු ලබාදීම සිදු විය.


මහනුවර ජනාධිපති මන්දිරයේදි ගැබිනි මව්වරුන් උදෙසා සූදානම් කෙරුණු දිවා බෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිතුමා එක්විය.


හදිසි අනතුරකින් මියගිය සිය පුත‍්‍රයාගේ හදවත, හදවත් සැත්කමක් වෙනුවෙන් දන් දුන් උඩුනුවර පදිංචි අයි.ජී. නන්දසේන මහතා සහ ඉන්ද්‍රා කල්‍යාණි මහත්මිය ද මෙහිදී ජනාධිපතිතුමා මුණගැසිණි.


එහිදී ඔවුන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා, සිදුකළ උදාර පරිත්‍යාගය පිළිබඳ සිය කෘතවේදීත්වය පළකර සිටියේය.


මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, සබරගමු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් වනිතා කටයුතු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මහත්ම, මහත්මීන් මෙන්ම හිටපු අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා ද එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.