• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිවයින පුරා දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඩෙංගු මර්ධන වැඩසටහන්

Hon N S news 2017 7 17“ඩෙංගු වනසමු... රටම සැනසෙමු...“  යන තේමාව යටතේ රජය විසින් ආරම්භ කර ඇති ඩෙංගු මර්ධන වැඩසටහනට සමඟාමී ව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන 351ක් අවට ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඊයේ (16)  සිට ආරම්භ කර ඇත.



එහි සමාරම්භක වැඩසටහන ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ   ප්‍රධානත්වයෙන්  දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල දී  ඊයේ පෙරවරුවේ සිදු කරන ලදී.


මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ඉටුකල යුතු අකාරය පිළිබඳ ව විශේෂ චක්‍ර ලේඛයක්ද මේ වන විට දුම්රිය  සමාන්‍යධාරිකාරිවරයා විසින් සියලු ම දුම්රි ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර ඇත. ඒ අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තෙව් සහ එම දුම්රිය ස්ථාන පවතින පළාත් පාලන අයතන ඒකාබද්ධව ශ්‍රමදාන  අකාරයෙන් ශුද්ධ පවිත්‍ර කිරිමෙන් අනතුරුව මහජනතාව විසින් එම ස්ථාන නැවත අපිරිසිදු කිරිම පිළිබඳ ව සොයා බැලීමට විශේෂ වැඩපිළිවෙළක්ද සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.


එමෙන්ම දුම්රිය මගීන් දුම්රිය මාර්ගයට කැලි කසල බැහැර කිරීම නිසා දුම්රිය මාර්ගත්, එම දෙපසත් දුම්රිය ස්ථානත් අපිරිසිදු වන බවත් මින් ඉදිරියට දුම්රිය මාර්ග වල හා දුම්රිය ස්ථාන වල තැන තැන කැලි කසල බැහැර කිරීම වරදක් සේ සලකන බවත් ඒ සඳහා මගීන් හටද දඩ මුදලක් පැනවීමටත් ක්‍රියා කල යුතු බවද අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගී වෙමින්  පැවසීය.


තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා කියා සිටියේ ඩෙංගු මර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවයක් බව අප සියලු ම දෙනාම තේරුම්ගත යුතු බවත් අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් ඒ අවශ්‍යතාවය කෙලවර නොවන බවත්ය .එම නිසා මෙම ක්‍රියාවලිය අමාත්‍යවරයාගේ සිට පහළ නිලධාරියා දක්වාම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් නිවසක් නම් එය ගෘහමූලිකයාගේ පටන් කුඩා දරුවා දක්වාම ක්‍රියාත්මක කල යුතුය.


දුම්රිය ස්ථානවල පමණක් නොව දුම්රිය මැදිරි තුලත් දුම්රිය අංගන තුලත් ඩෙංගු මදුරුවන් බෝවීම වැලැක්වීම පිළිබඳ ව වැඩපිළවෙළක් සැකසිය යුතු බව අවධාරණය කලේය.


මෙම අවස්ථාවේදී සියලු ම මාධ්‍ය ඒකරාශී වී කරනු ලබන මෙහෙවරද ඉතාමත්ම ප්‍රශංසනීය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කොටුව දුම්රිය ස්ථානයද එහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.


මෙම අවස්ථවට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.