• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සියල්ල සූදානම්

Hon range bandara news 2017 7 17මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

 



ව්‍යාපෘතිය සඳහා ලබන මස 21 දා මුල්ගල තැබිමට නියමිත අතර මේ වසරේදී එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 300 ක මුදලක් වැය කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.


මල්වතුඔය ජලාශය ඉදිකිරීමට යෝජිත ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමින් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා සමස්ත ඇස්තමේන්තුව රුපියල් මිලියන දහතුන්දසකි. තන්තිරිමලේ පුරාණ විහාරස්ථානයට මද දුරකින් යෝජිත ජලාශයේ වැව් බැම්ම ඉදිකිරීමට නියමිතයි.


පසුගියදා සිදුවූ මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී  මල්වතුඔය ව්‍යාපාරයේ ඉදිකිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇති ආකාරය හා එහි දී ඇති විය  හැකි ගැටලු පිළිබඳ විමසා බැලීමටද අමාත්‍යවරයා කටයුතු කළේය. එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා වූ දිනයේ සිටම මහසගරුවන ඇතුළු ජනතාවගෙන් ඉමහත් සහයෝගයක් ලැබෙන බවයි.


මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2020 වසර වන අවසන් කිරීම රජයේ අපේක්ෂා කරන අතර එහි රැස් කිරීමට අපේක්ෂිත ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ හැට හය දහස් හාරසිය දහසයකි (166416). කුඹුරු අක්කර 36 000 ට යල මහ දෙකන්නෙහිම ජලය සැපයීමත් නව වගා බිම් අක්කර 2,000 ක් ඇති කිරීමත් මෙහි මූලික අරමුණු අතර වෙයි.


අනුරාධපුරය,වව්නියාව හා ති‍්‍රකුණාමලය යන දිස්ති‍්‍රක්ක එකට යා කෙරෙමින් ඉදි කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන්නේ ප‍්‍රදේශ ගණනාවක නිරන්තරයෙන් ඇති වන ගංවතුර තත්ත්වයන්ට ස්ථිරසාර විසඳුම් ලබා දීමයි. එමෙන්ම ව්‍යාපෘතියට සමගාමීව ජල විදුලි බලාගාරයක් ඉදි කෙරෙන අතර එමගින් ගිගාවොට් 400 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කෙරේ.


මත්වතුඔය ව්‍යාපාරයෙන් ලැබෙන තවත් ප‍්‍රතිලාභයක් වන්නේ පිරිසිදු පානීය ජලය සැපයීමයි. වකුගඩු උවදුර පැතිර යන රජරට ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට මේ යටතේ පිරිසිදු පානීය ජලය ලබා දීමට බලාපොරොත්තු වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි ඉංජිනේරුවන් සඳහන් කළේ.  ව්‍යාපෘතියට සමගාමීව ප‍්‍රදේශ රැසක මාර්ග පද්ධතිය ඉතා දියුණු මාර්ග පද්ධතියක් බවට පත්කෙරෙන අතර තන්තිරිමලේ ප‍්‍රදේශයේ අංග සම්පූර්ණ නගරයක් ඉදි කිරීමටද නියමිතයි.


ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යනය කෙරුණු නිරීක්‍ෂණ චාරිකාවේදී තවත් කාරණා කිහිපයක් මෙම ව්‍යාපෘතියට එක විය. ඇගලු‍ෙම් කර්මාන්තශාලා සහිත ආයෝජන කලාපයක් ඇති කිරීම එම යෝජනා අතර වූ ප‍්‍රමුඛ යෝජනාවකි. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ උපදෙස් මත මෙම නව කරුණු ව්‍යාපෘතියට ඇතුලත් කර තිබේ. කිරිගොවි ගම්මාන ඇති කිරීම, සංචාරක කලාප ඇති කිරීම, පුරාවස්තු සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් තන්තිරිමලේ විහාරස්ථානය අසළ කෞතුකාගාරයක් ඉදිකිරීම, උද්‍යාන ඇති කිරීම ආදී කරුණු ව්‍යාපෘතියට එක් වූ නව යෝජනා වේ.


 මේ අතර ඉඩම් හා නිවාස අහිමිවන ජනතාව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර වෙනත් ස්ථානවල පදිංචි කිරීමට යෝජනා වීමද විශේෂ කාරණයක් සේ සැලකිය හැකිය. අනුරාධපුරය, මන්නාරම හා වව්නියාව යන දිස්ති‍්‍රක්කවල ඉදි කෙරෙන මෙම පහළ මල්වතුඔය ව්‍යාපාරය රටේ අනාගතය වෙනුවෙන් සිදු කරන මහත් වූ ආයෝජනයක් ලෙස හැඳින්විය හැකියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.