• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විකාශන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය ඇගයීමේ විශේෂඥ වාර්තාව නිකුත් කෙරේ

DGI news 2017 7 18ශ්‍රී ලංකාවේ විකාශන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය අගැයීම සඳහා පත් කරන ලද ස්වාධීන විශේෂඥ මණ්ඩලයේ වාර්තාව කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (17) පස්වරුවේ පැවැති උත්සවයකදී එළිදක්වනු ලැබීය.

 



විද්‍යුත් ජනමාධ්‍ය ආයතන,දැන්වීම් ප්‍රචාරක ආයතන,සමීක්ෂණ සමාගම්, මාධ්‍ය ප්‍රධනීන්, හ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


මෙහිදී අඳහස් දැක් වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා; විකාශන ආයාතන ශ්‍රේණිගත කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම ජනමාධ්‍ය කර්මාන්තයේ වර්ධනයට  ඉවහල්වන බව කීය.

මේ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පහසුකම් සපයන නමුත් කිසිදු අයුරකින් රජය මෙයට මැදිහත් නොවන බවත් කීය.


එබැවින් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය විධිමත් කිරීම සඳහා ජනමාධ්‍ය ආයතන දැන්වීම් ප්‍රචාක ආයතන සමීක්ෂණ සමාගම් හා විද්වතුන් එක් වී ස්වාධීන මණ්ඩලයක් පත් කරගත යුතු බව ද ආචාර්ය කලංසූරිය මහතා පෙන්වා දුන්නේ ය.


ශ්‍රී ලංකාවේ විකාශන ශ්‍රේණිගත කිරීම තක්ස්වේරු කිරීමට පත්කළ විශේෂඥ මණ්ඩලයේ සාමජිකයින් වන මහාචාර්ය රත්නසිරි අරංගල, සම්මානිත මහාචාර්ය කෙ.ඒ.පී.සිද්ධි සේන, ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ, ආචාරය මධුභාෂිණි ගලගෙදර, කුමාරි වෙලගෙදර හා සනිනිවේදන විශේෂඥ නාලක ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථවට සහභාගී වූහ.


මෙහිදී වාර්තාව පිළිබඳ සංවාදයක් ද පැවැති අතර  එය මෙහෙයවනු ලැබුවේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර මහතා විසිනි.

රූපවාහිනී හා ගුවන්විදුලි ආයතන,දැන්වීම් ප්‍රචාරක ආයතන,සමීක්ෂණ සමගම්,සහ  ජනමධ්‍යවේදීන් ගණනාවක් ද මෙම සංවාදයට සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.