• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමැති දිවයිනට

AU FM news 2017 7 19ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලියා බිෂොප්  මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.


මෙම සංචාරයේ දී ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමට ද නියමිතව ඇත. එමෙන් ම එහිදී දෙරට අතර ඩෙංගු රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.


හෙට (20) විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සමග පැවැත්වෙන උදෑසන රැස්වීම අතරතුර දී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ද හමුවීමට නියමිතව ඇත.


එමෙන් ම ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරියගේ මෙම නිල සංචාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පිරිසක් හමුවීමට ද නියමිතව ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.