• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වෘත්තීය අධ්‍යාපනය තුළ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කළේ වත්මන් රජය

He news 2017 7 20 1වෘත්තීය අධ්‍යාපනය තුළ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කළේ වත්මන් රජය බව ජනපති පවසයි.



වර්තමාන රජය බලයට පත්වීමට පෙර නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ඇතැම් ආයතනවලට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට දරුවන්ට සිදුව තිබූ අතර වත්මන් රජය යටතේ එම සියලු අධ්‍යාපන ආයතන මුදල් ගෙවීම්වලින් නිදහස් කළ බව ජනාධිපතිතුමා පැවසීය.


ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (19) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති ජගත් නිපුණතා දින සැමරුම් උත්සවය අමතමිනි.


නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම මෙන්ම රටේ තරුණ තරුණියන්ට හොඳ වෘත්තීය පුහුණුවක් ලබාදීමට ද රජය කටයුතු කරන අතර ඒ සඳහා ආයෝජන රැසක් මේ වන විට සිදුකර තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.


ශී‍්‍ර ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරන ලද යෝජනාවක් අනුව ජූලි 15 වන දින ජගත් තරුණ නිපුණතා දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.


ජගත් නිපුණතා දින සැමරුමට සමඟාමී ව වෘත්තීය පුහුණුව හදාරන දරුවන් සඳහා පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් පැවති තරගවලින් ජයග‍්‍රහණය කළ සිසුන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.


ශී‍්‍ර ලංකා නිපුණතා වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.


ශී‍්‍ර ලංකා නිපුණතා මහලේකම් කාර්යාලය පිහිටුවීම පිළිබඳ ලියවිල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.



ජාතික නිපුණතා ශ‍්‍රම බලකායක්, ජාතිය සතු කිරීම උදෙසා වන ශී‍්‍ර ලංකා නිපුණතා Ten+one වැඩසටහන ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.


නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් පී.රණේපුර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල අධ්‍යාපනය ලබන දරු දැරියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.