• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ 14 වැනි ගමනාන්තය කොයින්බටූර් වෙත

srilankan ශ්‍රීලංකන් ගුවන්  සමාගම තමිල්නාඩු ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය වන කොයින්බටූර් වෙත සිය ගුවන් මෙහෙයුම් පසුගිය 16 වැනිදා සිට අරඹන ලදී.



මේ අනුව ගුවන් සමාගම කොයින්බටූර් වෙත සතියකට ගුවන් ගමන් වාර 4ක් සිදුකිරීමට කටයුතු කිරීමෙන් කොයින්බටූර් හි  ගුවන් මගීන්ට   ශ්‍රීලංකන් ගෝලිය ගුවන් ගමන් ජාලය හරහා  ලෝකය වෙත සම්බන්ධ  වීමට අවස්ථා රැසක් උදාකර දෙනු ඇත.
ශ්‍රීලංකන් මෙහෙයුම් සිදුකරන දකුණු ඉන්දීය නගර 3 අතර එක් ගමනාන්තයක් ලෙස කොයින්බටූර්  හැදින්විය හැකි අතර ගුවන් සමාගම අනෙක් නව ගමනාන්ත වන  විසාකාපට්නම් (ජූලි මස 8 වැනිදා) සහ හයිද්‍රාබාද් (ජූලි මස 12 වැනිදා)   වෙත නව ගුවන් ගමන් මේ වන විට ආරම්භ කර ඇත.  මෙම නව ගමනාන්ත සමගින්  ශ්‍රීලංකන් ඉන්දියාවේ ගමනාන්ත 14 ක් වෙත ගුවන් ගමන් 126 ක්   සිදුකරමින් චෙන්නායි,තිරිවනාතපුරම්, තිරුචිරප්පල්ලි,මුම්බායි, නවදිල්ලිය, බුද්ධගයාව, මදුරෙයි, වරණාසි, කොචින්,  බැංගලෝරය  සහ කල්කටා  වෙත සිය ගුවන් මෙහෙයුම් ව්‍යාප්ත කර ඇත.


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ “ තමිල්නාඩු ප්‍රාන්තයේ සුවිශේෂී නගරයක් වන කොයින්බටූර් වෙත අපගේ නව  ගුවන් ගමන් ව්‍යාප්ත කිරිමට හැකිවීම පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි. මෙමගින් සංචාරකයින්ට වඩාත් පහසු ලෙස ගුවන් ගමන් සිදුකිරීමටත් ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ජාලය හා සම්බන්ධ  වීමටත්  හැකිවන  බව ඒ  මහතා  වැඩිදුරටත් කියා සිටියේය. නව ගමනාන්ත එක්වීම තුළින් රටවල් 2 අතර සබඳතා වඩාත් ශක්තිමත් වී   විනෝද සංචාර,ව්‍යාපාර, MICE සංචාරක කර්මාන්තය,වන්දනා ගමන් ,  සෞඛ්‍ය අවශ්‍යතා සහ අධ්‍යාපනය සඳහා  දෙරට අතර ගුවන් සංචාර වඩාත් ප්‍රවර්ධනය වනු ඇති  බවද රාමචන්ද්‍රන්  මහතා  ප්‍රකාශ කර සිටියේය.  


මේ අනුව කොයින්බටූර් හි සංචාරකයින්ට ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් සිදුකිරීමටත් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය  ස්ථාන  රැසක් දැකබලා ගැනීමේ අවස්ථා ද උදාවනු ඇත. ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්ත අතර වේගයෙන් දියුණු වන රටක් බවට පත්වෙමින් සිටින යුගයක මෙම නව සංචාරක පැමිණීම් තවදුරටත් වර්ධනය වීමට හැකිවනු ඇත.


ශ්‍රීලංකන්  නව ගුවන් ගමන් ආරම්භ කිරීමත්  සමග කොයින්බටූර් හි ව්‍යාපාරික ප්‍රජාවට පහසු ලෙස ගුවන් භාණ්ඩ ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ජාලය හරහා ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබේ. දකුණු ඉන්දියාවේ රෙදිපිළි කර්මාන්තය,කාර්මික,වාණිජ,අධ්‍යාපන,තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය පහසුකම් සහ නිෂ්පාදනය සඳහා මධ්‍යස්ථානය වන්නේ ද කොයින්බටූර් නගරයයි.  



සම්මානනීය ශ්‍රීලංකන්  උණුසුම් ආගන්තුක සත්කාරය සහ නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතිය මෙම ශ්‍රිලංකන් සේවාව තුළින්  ලබාදෙන සුවිශේෂී ලක්ෂණයන් ය. ගුවන් සමාගම විසින්  අතිනවීන එයාර්බස්  ගුවන්  යානා වන A320neo සහ  A321neo කොයින්බටූර්  වෙත මෙහෙයුම් සිදුකිරිම සඳහා යොඳවා ඇති අතර  එමගින් දකුණු ඉන්දියාවේ මෙම නව ගමනාන්ත හා පියාසර කරන සංචාරකයින්ට නවමු ගුවන් ගමනක අත්දැකීම ලබාදීමට ද ගුවන් සමාගම  කටයුතු  කර ඇත.  



මෙම නව ගමනාන්ත එක්වීමත් සමග ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ගමන්  ජාලය රටවල් 47 ගමනාන්ත 105 දක්වා ව්‍යාප්ත වී ඇත.  වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන් ගමන්  ජාලයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් ශ්‍රීලංකන් ගුවන් මගීන්ට වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හා එක්ව  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකිරීමේ  අවස්ථාව හිමිවී ඇත.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.