• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩෙංගු මැඩලීමට ඔස්ටේ‍්‍රලියාවේ සහය

 
He news 2017 7 20ඩෙංගු අභියෝගය ජය ගැනීමට ශී‍්‍ර ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට ඔස්ටේ‍්‍රලියාවේ උපරිම සහය ලබාදෙන බව ඔස්ටේ‍්‍රලියා විදේශ ඇමතිණි ජුලි බිෂොප් මහත්මිය පවසයි.



දිවයිනට පැමිණ සිටින ඔස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරිය අද (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළාය.


රජය කි‍්‍රයාත්මක කර තිබෙන ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා රුපියල් මිලියන 58 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ඔස්ටේ‍්‍රලියා රජය කටයුතු කරන බව ද විදේශ අමාත්‍යවරිය පැවසීය.
 
 
එමෙන්ම ඔස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය සහ ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සහයෝගයෙන් ඩෙංගු මදුරුවා නිෂ්කී‍්‍රය කරන වොල්බැචියා බැක්ටිරියාව ශි‍්‍ර ලංකාවට හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 118 ක මුදලක් ඔස්ටේල‍්‍රියා රජය විසින් වැය කරීමට නියමිතය.
 
 
ඩෙංගු මර්දනය සඳහා මෙම බැක්ටීරියාව භාවිතා කිරීම පිළිබඳ ඔස්ටේ‍්‍රලියාව කරන ලද අත්හදාබැලීම් සාර්ථක වී තිබෙන බව පැවසූ ඔස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරිය බ‍්‍රසීලය, කොළොම්බ්යාව, ඉන්දියාව, වියට්නාමය සහ ඉන්ඳුනිසියා යන රටවල ද මේ වනවිට ඒ පිළිබඳ අත්හදා බැලීම් සිදුකර තිබෙන බව සඳහන් කළාය.
 
 
 
පසුගියදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඔස්ටේ‍්‍රලියාවේ කරන ලද සංචාරයේදී එරට අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බූල් මහතා සමග පැවති සාකච්ඡාවලදී ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය සහ ඩෙංගු මර්දනය සඳහා සහය දක්වන ලෙස කරන ලද ඉල්ලීම අනුව මෙම කටයුතු සිදුකෙරෙන බව ද විදේශ අමාත්‍යවරිය පැවසීය.
 
 
 
යම් අභියෝගයන්ට මුහුණ දෙන සෑම අවස්ථාවකම ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු එරට රජය ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් සිය ස්තූතිය ද පිරිනැමීය.
 
 
 
ශී‍්‍ර ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර අත්සන් තැබුණු ද්විපාර්ශවික ගිවිසුම් කඩිනමින් කි‍්‍රයාවට නංවා එහි සහන ජනතාවට ලබාදීමට දෙරටම කැපවී කටයුතු කළයුතු බව ද ජනාධිපතිතුමා ඔස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරිය වෙත පෙන්වා දුන්නේය.
 
 
 
මිනිස් ජාවාරම මැඩලීම සඳහා ශ‍්‍රී ලංකා රජයත්, නාවික හමුදාවත් ඔස්ටේ‍්‍රලියාවට ලබාදෙන සහය ඔස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරියගේ ඇගයීමට ලක් වූ අතර දෙරටේ නාවික හමුදාවන් අතර පවතින එම ද්විපාර්ශවික සබඳතාවය නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ද භාවිතා කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, ඔස්ටේ‍්‍රලියා මහ කොමසාරිස් බ‍්‍රයිස් හචෙසන් (Bryce Hutchesson) යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.