• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මුලතිව්හි ඉඩම් අක්කර 189ක් පැරණි හිමිකරුවන්ට

189 acres released for civilians 2017 7 21මුලතිව් දිස්ත්‍රික්කයේ මහ ජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් භාවිත කරන ලද තවත් අක්කර 189ක් නිදහස් කිරීමට ඊයේ  (ජුලි 19) කටයුතු කල බව ශ්‍රී ලංකා යුධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


මෙම ඉඩම් නිදහස් කිරීමත් සමඟ මෙතෙක් ළගම ඥාතීන් සමඟ ජීවත් වූ පවුල් සඳහා තම මුල් ගම්බිම් වන කෙප්පපිලව් වෙත ආපසු යාමට අවස්ථාව උදා වනු ඇත. මෙයට පෙර කෙප්පපිලව් හි මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් භාවිතා කළ ඉඩම් අක්කර 243ක් 2017 ජනවාරි මස 25 දින එම අවතැන් වූ ජනතාව වෙනුවෙන් නිදහස් කරනු ලැබීය.


මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික විසින් කෙප්පාපිලව් හි දී එදින  උදෑසන මුහුදු බඩ පත්තු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත එම ඉඩම් අක්කර 189 නිල වශයෙන් භාරදීමට කටයුතු කරන ලද අතර ඒ අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම සහ හින්දු ආගමික කටයුතු  අමාත්‍ය ඩි.එම් ස්වාමිනාදන් මහතා සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතිස්වරන් මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.


පසුගිය 03 වැනි දින යාපන දිස්ත්‍රික්කයේ මයිලඩි ධිවර වරාය (Myladi Fisheries Harbour) සහ තවත් ආරක්‍ෂක හමුදාවන් විසින් භාවිතා කරන ලද අක්කර 54ක භුමි ප්‍රදේශයක් මහජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට යාපන ආරක්‍ෂක සේනා මුලස්ථානය එහිදී තවදුරටත් කටයුතුකරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.