• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා වන කාර්යාලය බලගැන්වීමට අනුමැතිය

ravikarunanayakeඅතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා වන කාර්යාලය බලගැන්වීමේ ඊළග පියවර වෙනුවෙන්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය හිමිවූ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.



අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ (20) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.


එහිදී  රවී කරුණානායක මහතා සඳහන් කළේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හරහා අදාළ කාර්යාලයට සාමාජිකයින් පත්කිරීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇති බවයි. 



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා බංග්ලාදේශයේ සිදුකළ සංචාරයේදී, ශ්‍රී ලංකාවට අත්කර ගැනීමට හැකිවූ ආර්ථික හා වාණිජ කටයුතු වල ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණි.


එහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර, පවතින රාජ්‍යතාන්ත්‍රික බැඳීම තව දුරටත් පුළුල් කරමින්, සංචාරක, අධ්‍යාපනික, සෞඛ්‍යය අංශවල ප්‍රවර්ධනය සඳහා බංග්ලාදේශයේ සහය හිමිවූ බවයි. දෙරටට වැදගත් වන ගිවිසුම් කීහිපයකටද මෙහිදී එළඹුනු බව අමාත්‍යවරයා පැවසීය. බංග්ලාදේශ නිල සංචාරයේදී  ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඉහළ පිළිගැනීමකට ලක්වූ බවත් එය දෙරටේ මිත්‍රශීලී භාවය විදහා දැක්වීමක් බවත්  රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.


මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා.


 “ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික වාණිජ කටයුතු සඳහා අවතීර්ණ වී සිටිනවා, ඉදිරි සති දෙක තුන අතුලත විදේශ කටයුතු අමාත්‍යංශයේ  එම වැඩපිළිවෙළ පිළිබඳ ව අනාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා, විදේශ කටයුතු අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණයකට යොමු වෙලා තියෙනවා. අපි මේක භාරගන්න අවස්ථාවට වැඩිය නවීකරණයක් කරලා වානිජ රාජ්‍යතාන්ත්‍රිකභාවයක් ඇති කරන්න කටයුතු කරගෙන යනවා, මේ අමාත්‍යංශය හරහා කොහොමද ශ්‍රී ලංකාව ලෝකයට ගෙනයන්නේ කියන එක ගැන සැලසුම් කරමින් තියනවා. ඉන්දියාව,  සිංගප්පූරුව , කැනඩාව, පෝලන්තය, නවසීලන්තය වැනි රටවල් වල ආකෘති උපයෝගී කරගෙන මේ අවස්තාවේදී කටයුතු කරගෙන යන බව පෙන්වාදිය හැකියි. නිද්‍රාශීලී ගමනක් තිබුණු අමාත්‍යංශයක් ඉතාමත් ක්‍රියාශීලී බවට පරිවර්තනය කිරීම මගේ අරමුණයි. ආණ්ඩුවේ ඉදිරි දැක්මක් තිබෙන අමාත්‍යංශයක් විදිහට මෙම විදේශ කටයුතු අමාත්‍යංශය පරිවර්තනය කිරීම මගේ අභිලාශයයි. මානව අයිතිවාසිකම් විතරක් නොවේ, මෙහි වානිජ හා ආර්ථික කටයුතුවල සීඝ්‍ර සංවර්ධනයක් කරා රැගෙන ගිහින්, අපේ රටට ණය නොව, ආයෝජන තුලින් රට ඉදිරියට ගෙනයෑම තමයි මගේ අරමුණ”  යැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.