• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්වය සඳහා කැඳවීම් කෙරේ

homeopathicඉන්දීයානු රාජ්‍ය අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකුට බටහිර බෙංගාල විශ්වවිද්‍යාලය යටතේ පිහිටුවා ඇති කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනයේ (National Institute of Homeopathy – NIH) ශිෂ්‍යත්ව පිරිනැමිම වෙනුවෙන් සුදුස්සන් තෝරා ගැනීම පිණිස සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවනු ලැබේ.



පාඨමාලා කාලය වර්ෂ 5 ½ කි. පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසු සුදුසුකම්ලත් හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයකු ලෙස කටයුතු කිරීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත.


සුදුසුකම් :    01. අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිට හෞතික විද්‍යාව, රසායන විද්‍යාව , ජිවවිද්‍යාව යන විෂයයන් තුනම එකවර සමත් වීමත් එම විභාගයේදී ඉංග්‍රීසි විෂයද සමත් වීම.


02. වයස අවුරුදු 17-25 අතර වීම


 03. අ.පො.ස (සා/පෙළ) විභාගයේ  ඉංග්‍රීසි භාෂාව සඳහා  සම්මාන සාමාර්ථයක්  


සටහන :   පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර www.nih.nic.in වෙබ් අඩවියෙන් ලබාගත හැක.


අයදුම් කරන පිළිවෙල  :  


සියලුම අයදුම්කරුවන් නම , ලිපිනය , උපන්දිනය , වයස , දුරකථන අංකය , අධ්‍යාපන සුදුසුකම් හා අ.පො.ස (උ/පෙළ හා සා /පෙළ) විභාගයන් සමත්වු වසර ආදිය , පැහැදිලිව සඳහන් කර සකසන ලද අයදුම්පතක් සමඟ සියලුම සහතිකපත් වල සහතික කරන ලද පිටපත්ද සහිතව 2017.07.31දින හෝ ඊට ප්‍රථම පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවර “  හෝමියෝපති උපාධි පාඨමාලාව - 2017 ”


                                            අතිරේක ලේකම් (පාලන)
                                            දේශීය වෛද්‍ය අංශය,
                                            සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
                                            නො 464, 4 වන මහල
                                            T.B ජායා මාවත, කොළඹ - 10  



සම්මුඛ පරීක්ෂණය 2017.08.05 දින පවත්වනු ඇත. අමාත්‍යාංශය විසින් එක් වාරයක් (යාමට ) සඳහා පමණක් ගුවන් ටිකට් පතක් (Air Ticket) නොමිලේ ලබා දෙනු ඇත. පාඨමාලාව ඇතුළත් වන අවස්ථාවේදී පාඨමාලා ගාස්තු සහ නවාතැන් පහසුකම් සඳහා වන ගෙවීම් පෞද්ගලිකව ජාතික හෝමියෝපති  ආයතනය වෙත සිදු කිරීමට අයදුම්කරුවන් වග බලා ගත යුතු අතර ඉන්දියානු රජය විසින් එම මුදල් නැවත ඔවුනට ප්‍රතිපුර්ණය කරනු ලැබේ.



විමසීම් සඳහා දුරකතන අංක   :       දේශීය වෛද්‍ය අංශය :  0112676376
                                                 රජයේ හෝමියෝපති රෝහල  : 0115365544/0115365533
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.