• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්‍රතිසංස්කරණය කෙරුණු ගංතලාව යුනිට් 12 වැව ජනපති අතින් ජනතා අයිතියට

He news 2017 7 22 1ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ තිරසර සංවර්ධනයක් ඇති කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක "සිරිසර පිවිසුම" දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරන වැව් 500 ට අයත් ගංතලාව යුනිට් 12 වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පවරාදීම (21) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.


"සිරිසර පිවිසුම" දිස්ත්‍රීක් වැඩසටහන සදහා යොදා ගැනීමට ට්‍රැක්ටර්, බවුසර්, ටේලර් යන්ත්‍ර  සහ කැබ් රථ 05 ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.


අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර පළාත් ඇමතිනි ආරියවතී ගලප්පත්ති, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ත්‍රීකුණාමල විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත පතිරණ, සේරුවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක නලින් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් ද,   යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.