• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩෙංගු මර්දනයට තෙදින පාසල් විශේෂ වැඩසටහනක්

Hon akila viraj picමේ දිනවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින  ඩෙංගු රෝගය මර්දනය කිරිමේ අරමුණින් එළඹෙන සතියේ (28) සිකුරාදා, (29) සෙනසුරාදා සහ (30) ඉරිදා යන තෙදින තුළ දිවයිනේ සියලුම පාසල්වල ඩෙංගු මර්දන පවිත්‍රතා වැඩසටහනක් සිදු කිරීමට කටයුතු සම්පාදනය කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

 



ඒ අනුව සිකුරාදා දිනයේ පාසල්වල අධ්‍යයන කටයුතු නොපවත්වන ලෙසත්,  ඒ වෙනුවට එදින  දරුවන්, දෙමව්පියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින් සහ අසල්වාසීන් ඇතුලු පාසල් ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් පාසල හා අවට පරිශ්‍රය පවිත්‍ර කිරීම සඳහා කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ සඳහා සෞඛ්‍ය  අමාත්‍යාංශයේ සහාය ද හිමි වී තිබේ.


සිකුරාදා දිනයේ පාසල් පැමිණෙන විට පාසල් නිල ඇඳුම හෝ ඒ වෙනුවට ශ්‍රමදාන කටයුතු සඳහා උචිත ආකාරයේ විනීත ඇඳුමකින් දරුවන්ට පාසල වෙත පැමිණිමට අවසර ලබාදීමට  ද තීරණය වී තිබේ.


මීට අමතරව සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී ද සියලු දෙනාගේ දායකත්වය සහිතව මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් සිදු කෙරෙන  දුමායන කටයුතු සහ අනෙකුත් මදුරු මර්දන සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සහ සෙසු අංශ සම්බන්ධීකරණය කිරීමේ කටයුතු  විදුහල්පතිවරුන් හරහා සිදු කිරීමට ද තීරණය වී තිබේ.


ඩෙංගු වසංගත තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම මෙරට සියලු ජනතාවගේ වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. තම ගෙවත්ත හා පාසල පවිත්‍රව තබා ගැනීමේ පුරුද්ද වැඩිහිටියන් විසින් දරුවන්ට කියා දියයුතු බවත්, එම ආකල්ප සංවර්ධනය කිරීම හරහා කැලි කසල බැහැර කිරීමේ කටයුතු කළමනාකරණය කිරීම, මැසි මදුරුවන් බෝවන ස්ථාන ඇති නොවීමට වගබලා ගැනීම ආදී කරුණු සඳහා දරුවන් හුරු කරවිම සැමගේ වගකීමක් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.


එළඹෙන සිකුරාදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ‍මෙම තෙදින ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන පිළිබඳ වන චක්‍රලේඛය ඉදිරි දිනයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.