• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කැලිකසළ ප්‍ර‍ශ්නයට ස්ථීර විසඳුමක් දෙනවා - ජනපති

He presidentමෙතෙක් කිසිම රජයකින් විසඳුමක් නොලැබුණු මේ රටේ කැලිකසළ ගැටලුවට අනාගතයේ පත්වන රජයකට නැවත මුහුණදීමට සිදු නොවන අන්දමේ ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

 



ජනාධිපතිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කිරිඳිවැල, මිල්ලතේ මිල්ලතාකන්ද විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ‍්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශාලාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ඊයේ (22) එක් වෙමිනි.


ජාත්‍යන්තර වශයෙන් තිබෙන සහයෝගය සහ තාක්ෂණික උපදේශකත්වය මත නවීන තාක්ෂණය භාවිතා කරමින් කැලිකසළ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය කි‍්‍රයාත්මක කර තිබෙන බව ද පැවසූ ජනාධිපතිතුමා ඉදිරි වසර කිහිපය තුළ කැලිකසළ මේ රටේ ජනතාවට ගැටලුවක් නොවනු ඇති බව ද සඳහන් කළේය.



අද කැලිකසළ පිළිබඳ රටේ සෑම තැනම ඇත්තේ විරෝධය පමණක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සමස්ත රටටම අභියෝගයක් වූ මෙවන් ගැටලුවලට විසඳුම් සෙවීමේදී විරෝධය සේම විසඳුම් ද ඉතා වැදගත් බව ප‍්‍රකාශ කළේය.


දිවංගත හිටපු අමාත්‍ය ගරු සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමාගේ 77 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙම ශ‍්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශාලාව හා සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කොට සසුනට පුජා කෙරිණි.


කිරිඳිවැල, මිල්ලතේ, මිල්ලතාකන්ද විවේක සේනාසනාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකායේ කාරක සභික අතිපූජ්‍ය නෙළුවන්තුඩුවේ අතුලදේව ස්වාමින් වහන්සේගේ හා සේනාසනාධිකාරී, ත‍්‍රිපිටකධර්මවේදී පූජ්‍ය මෙගොඩවැවේ රතනසිරි ස්වාමින් වහන්සේගේ අනුශසනා පරිදි දායක සභාවේ හා පළාත්වාසී දානපති පිංවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම භාවනා ශාලාව ඉදිකොට තිබේ.


සමරු ඵලකය නිරාවරණය කර අභිනව ශ‍්‍රී සීලරතන නාහිමි භාවනා ශාලාව විවෘත කළ ජනාධිපතිතුමා එහි තැන්පත් කර තිබෙන සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත ප‍්‍රථම මල් පූජාව ද සිදු කළේය.


අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද රටට අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ශික්ෂණය, විනය සහ හැදියාව බවයි. භෞතික සම්පත් කෙතරම් සංවර්ධනය වුවද යහපත් මිනිසෙක් සහ යහපත් සමාජයක් බිහිවන්නේ ආධ්‍යාත්මික දර්ශනය තුළින් බවත් ඒ සඳහා මෙවන් භාවනා මධ්‍යස්ථාන ඉදිවීම ඉතා වැදගත් බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා මහතාට අයත් පර්චස් 133 ක ඉඩමක් ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ප‍්‍රදානය කිරීමට කටයුතු කර තිබෙන අතර ඊට අදාළ ඔප්පුව ද ජනාධිපතිතුමා අතින් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික‍්‍රමරත්න යන මහත්වරුන් වෙත පිළිගන්වනු ලැබීය.


මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකායේ ප‍්‍රධාන අනුශාසක, අතිපූජ්‍ය වග විමලාභිධාන නායක ස්වාමීන් වහන්සේ, වනවාස මහා නිකායේ අනුශාසක ධුරන්දර වතුරුවිල වනවාස සංඝ මූලස්ථානාධිපති අතිපූජ්‍ය මහකන්දේ රතනපාලාභිධාන අනුනායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය ද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා, තුසිතා විජේමාන්න, උපාලි ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.