• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එ.ජා.ස.දේශපාලන නියෝජ්‍ය ලේකම් විදේශ ඇමැති හමුවෙයි

Ravik news 2017 7 23එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන්, (Jeffrey Feltman ) මහතා  සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් පසුගියදා  පැවැත්විනි.

 



විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා සඳහන් කළේ ඒකීය රටක් තුලු සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන වැඩපිළිවෙලක් සඳහා වන සම්මුතිවාදී රජයේ කැපවීම තමා අගය කරන බවයි. එමෙන්ම ජාතික, ආගමික, සමාජීය වශයෙන් රටතුළ සාධනීය වෙනස්කම් සිදුවී ඇති බවත් එය ජනතාවගේ සහජීවනය ශක්තිමත් කරවන්නක් බවද ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා කියා සිටියේය.


ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ ස්වෛරිභාවය ආරක්ෂාවන අයුරින්, මේ සඳහා ක්‍රියාකළ සම්මුතිවාදී රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා සිය ප්‍රසාදය පළ කළේය.  


මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසූවේ ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා, ඒකීය රටක් තුළ ක්‍රියා කිරීමේ සම්මුතිවාදී රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ජගත් සංවිධානය තබන ලද විශ්වාසය අගය කරන බවයි.


මෙම හමුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත උනා මැකව්ලි (Una McCauley) මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.