• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ගමන් කරමින් සිටියදී එල්ල වූ ප‍්‍රහාරය ජනාධිපතිතුමා හෙළා දකී.

Presidential logo2017යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ගමන් කරමින් සිටියදී පසුගිය (22) සවස නල්ලූර් ප‍්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප‍්‍රහාරය හෙළාදකින ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම ප‍්‍රහාරයේ දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අභාවය පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කරයි.


මෙම සිදුවීම සමග විනිසුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය දැඩි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සියලු විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේ ය.


එමෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මෙම සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය.


මිය ගිය පොලිස් සැරයන්වරයාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ ඥාතීන් වෙත සිය බලවත් කනගාටුව පළකළ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තම රාජකාරිය නිසිලෙස ඉටුකරන මෙවන් නිලධාරින් සමස්ත රාජ්‍ය සේවයටත්, පොලිස් දෙපාර්තමේන්තුවටත් ආදර්ශයක් බව ද සඳහන් කළේය.


සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා වෙත ද ජනාධිපතිතුමා ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරයි.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.