• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වෙසක් පෝය දිනය තීරණය කරන්නේ කමිටුවකින්

Hon vajira abeygunawardhanaවෙසක් පෝය දිනය තීරණය කරන්නේ ජනාධිපති හෝ අගමැති හෝ ආණ්ඩුව හෝ ස්වදේශ කටයුතු ඇමති නොවන බවත්, එය ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් තීරණය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

 



ස්වදේශ කටයුතු ඇමති ලෙස තමා ලංකාවේ නිවාඩු පනත අනුව නිවාඩු ගැසට් කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වෙසක් පෝය කමිටුවේ පෝය කමිටුවේ ඉන්නේ අපේ ගරු කටයුතු නායක හිමිපාණන් ප්‍රමුඛ විද්වත් කණ්ඩායමක් මඟින් බව ද පෙන්වා දුන්නේය.


ඒ මහතා ප්‍රකාශ කළේ 1800 ගණන්වල ඉදලා වෙසක් පෝය විවිධ අවස්ථාවලදී අප්‍රේල් මාසයේදී යෙදී  තියෙන බවයි.


අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවැසුවේ මාවතගම, ජාතික පාසලේදී පැවති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවාවේ මාවතගම ප්‍රාදේශිය වැඩසටහනට ඊයේ (23) එක් වෙමිනි.


මෙහීදී ජනතාවගෙන් කිසිඳු මුදලක් අය කිරීමෙන් තොරව උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්, රියදුරු බලපත්‍ර ලබාදීම,සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් දීමනා සහ රජය මගින් ලබා දෙන අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් හිමිකම් ගැටලු, බලපත්‍ර ගැටලු විසඳීම සහ ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් සහ ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.


මෙම අවස්ථාවේදී ප්‍රතිලාභීන්ට ඇස් කණ්ණාඩි, ඉඩම් ඔප්පු, ගැබිනි මවට උත්තම පූජා වැඩසටහන යටතේ පෝෂණ මුද්දර, සමෘද්ධි අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීම්, සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ උපකරණ ලබාදීම්, රෝද පුටු, කිහිලිකරු, අත්වාරු ඇතුළු තවත් ප්‍රදානයන් රැසක් සිදු විය.   


මෙම අවස්ථාව සඳහා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය මොහොමඩ් හලීම්, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල,  කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ජී.ඉලංගරත්න, මාවතගම ප්‍රාදේශිය ලේකම් එම්.එම්.ඒ.බී.මහවත්ත  යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.