• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඔසුසල් හිමියන්ට සහන රැසක්

Rajitha Senarathna news 2017 7 24කොලෙස්ටරෝල් ආහාර සහ ව්‍යායාම වලින් පමණක් පාලනය කළ හැකි බව නවතම පර්යේෂණ වලින් හෙළි වී තිබෙන බවත්  එම නිසා ඖෂධ ජාවාරමට වඩා නියම ඖෂධ නිෂ්පාදනය කෙසේද යන්න කියා ලෝකය තුළ සංවාදයක් ඇති වී තිබෙන බවත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

 



සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛාවේ වාර්ෂික සැසිවාරය ප්‍රධානත්වයෙන් පසුගියදා කඩවත දී පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් විවිධ ඖෂධ නිෂ්පාදන 2,348 ක මිල අඩු වී තිබෙන බවත් අධික මිල සහිත ඖෂධවල මිල පාලනය කිරීම කඩිනම් කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


හෘද රෝගීන් සඳහා ලබාදෙන ස්ටෙන්ස් මිල අඩු කිරීමට තමා සූදානම් වන බව පෙන්වා දුන් ඒ මහතා  දැනට ස්ටෙන්ස් එකක මිල රුපියල් ලක්ෂ 03 ක් පමණ වන අතර  එය රුපියල් එක්ලක්ෂ 5,000 ක් දක්වා අඩු කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරන බව ද සඳහන් කළේය.


නොමිලේ ස්ටෙන්ස් ලබාදීම හේතුවෙන් රජයේ රෝහල්වල රෝගී සංඛ්‍යාව ද සියයට 50 කින් වැඩි වී තිබෙන  ස්ටෙන්ස් මිල අඩු කිරීමෙන් ඔසුසල් හිමියන්ට පාඩු වුවත් මෙය ජාතික මෙහෙවරක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔසුසල් හිමියන් මුහුණ දී තිබෙන ගැටලු සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ සාකච්ඡා කර සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ තොග වශයෙන් රැස්කර තබාගැනීම පිළිබඳ ගැටලු මතු වී ඇති අතර ඒ සමබන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු සිහිවටනයක් ද ලබාදෙන ලද අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ඔසුසල් සඳහා සහතික පත්‍ර පිරිනැමීමක් ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.

මෙම අවස්ථාවට එම සංගමයේ ප්‍රධාන අනුශාසක පුජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඇතුලු සාමාජිකයින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.