• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කථානායකවරයා චීනයට යයි

speakerශ්‍රී ලංකාව හා චීනය අතර පාර්ලිමේන්තු සබඳතා සවිමත් කිරීමේ අරමුණින් චීන රජයෙන් ලද විශේෂ ආරාධනයකට අනුව කථානායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරුන් ඊයේ (09) සන්ධ්‍යාවේදී චීනය බලා පිටත් වූහ.

 

මෙම සංචාරයට විපක්ෂ නායක ආර් සම්බන්ධන්,  එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වෙනුවට ඇමති සුසිල් ප්‍රේමජයන්ත, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ඊ.පී.ඩී.පී පක්ෂයේ (ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය) නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරු ද එක්ව සිටිති.

මෙම සංචාරය සඳහා සම්පූර්ණ අනුග්‍රහය දක්වනු ලබන්නේ චීන රජය විසිනි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.