• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජපන් මිත‍්‍රත්ව පදනමෙන් ගිනි නිවන රථ දෙකක්

He news 2017 7 24 2මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් ජපන් ශ්‍රී ලංකා මිත‍්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 150 ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.


ජපන් ශ්‍රී ලංකා මිත‍්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න මහතා විසින් මීට අදාළ ලිපි ලේඛන ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.


 
මෙම ගිනි නිවන රථ දෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාව වෙත ලබාදීමට කටයුතු කර තිබෙන අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වෙත සහ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති එන්.ටී.කේ. රඹුක්කනගේ මහත්මිය වෙත එය භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට එක් විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.