• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආර්ථිකය කඩා වට්ටන්න කුමන්ත්‍රණය කරද්දි අපි ආර්ථිකය ඉදිරියට ගෙන යනවා

Mangala samaraweera news 2017 7 25බැරෑරුම් ආර්ථිකය බාර ගෙන, ආර්ථිකය ගොඩ නගමින් වේගවත් සංවර්ධනයට මුලපුරන බවත් සියලු ප්‍රශ්න තිබියදී, ආර්ථිකය කඩා වට්ටන්න කුමන්ත්‍රණය කරද්දි ආර්ථිකය ඉදිරියට ගෙන යන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය   මංගල සමරවීර මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

 




අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,විදේශ විනිමය පනත් කෙටුම්පත විවාදයේ අඳහස් දක්වමිනි.


ඉතාම ඉක්මනින් ප්‍රතිපත්ති සංශෝධනය කරගත යුතු ව්‍යුහාත්මක දුර්වලතා හඳුනාගත හැකි ආකාරයට ආර්ථිකය ශක්තිමත් කළ යුතු කාලයක් උදා වී තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා හඳුන්වා දුන් ආර්ථිකයේ දී මේ දුර්වලතා හඳුනාගෙන ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙනවා.


2015 වර්ෂයේ අතිගරු ජනාධිපතිතුමා මේ රටේ පාලනය බාර ගත් අවස්ථාවේ දී අපේ ආර්ථිකය දුර්වල මට්ටමක තිබුණේ. වියදම වැඩියි ණය වැඩියි කාර්යක්ෂමතව දුර්වලයි. විදේශ සංචිත දුර්වල වී තිබුනේ. එයට හේතුව ඒ කාලයේ තිබුණු හිතමිතුරු ආර්ථිකයයි. 2015 දී ජනාධිපතිතුමා පාලනය බාර ගන්නකොට, ආණ්ඩුවට කුණු කදු කීපයක් ම කර ගහන්න සිදු වුණා. මහා ණය කන්දක්, මහ මානව අයිතීන් චෝදානා කන්දක්, දූෂණ කන්දක් තිබුණා. මානව හිමිකම් සම්බන්ධයෙන් ලෝකයේ පැසසුමට ලක් වී තිබෙනවා. දූෂිතයන්ගේ ක්‍රියා හෙළි දරව් වෙමින් තිබෙනවා. කළු සල්ලි සුදු කළ ඒවා ගැන නඩු අහමින් තිබෙනවා.ණය කන්දටත් අපි ආණ්ඩුවක් හැටියට මුහුණ දෙන්නට කටයුතු කළා. මහින්ද රාජපක්ෂ පාලනයේ ණය ගෙවීමට  ඇ.ඩො. බිලියන 2805ක්  ගෙවන්නට සිදු වුණා. දැන් අපි ගෙවන්නේ. ණය ගෙවීමේ බරපතල කාර්යය එන්නේ, වසර 2019 සහ වසර 2020 දී . 2019 දී වසරකට ණය ඩොලර් මිලියන 4245ක් ගෙවන්න වෙනවා.  රුපියල්වලින් ට්‍රිලියන 3.2කින් සියයට 82ක්ම රාජපක්ෂ පලනය  ගත් ණය. රාජපක්ෂ දූෂිත පාලන ණය ගෙවන්න අපිට සිදු වෙනවා. 2022 වෙනකම් අපිට ඔළුව උස්සන්න බැරි ණය කන්දක්  තිබෙනවා. 2022 දී ට්‍රිලියන තුන හමාරකට වඩා ණය ගෙවන්න ඕන. නමුත් බැරෑරුම් ආර්ථිකය බාර ගෙන අපි ආර්ථිකය ගොඩ නගමින් විවෘත කර වේගවත් සංවර්ධනයකට මුලපුරනවා.සියලු ප්‍රශ්න තිබිය දී, ආර්ථිකය කඩා වට්ටන්න කුමන්ත්‍රණය කරද්දි අපි ආර්ථිකය ඉදිරියට ගෙන යනවා.


විදේශ විනිමය පාලනය සම්බන්ධයෙන් රජය අවධානයට ගෙන පූර්ණ  අවබෝධයකින් සිටිනවා.ගෝලීය මූල්‍ය අර්බුදයන් තුළ ගැටළු ඇති වුණා.ඉතිහාසය තුළින් පෙන්වා දී තිබෙනවා සම්පූර්ණ  විසඳුම් ලබගත නොහැකි බව.පවතින රජය වඩා නිදහස්වාදී ප්‍රතිපතියක විදේශ විනිමය සම්බන්ධයෙන් කටයුතු කර  තිබෙනවා.විදේශ ආයෝජකයින් මේ තුළින් ධෛර්යමත් කිරීමට හැකියාව පවතිනවා.මෙය ඉතා වැදගත් තීන්දුවක් ගත්තා,  මේ රටේ සිදුවන විශාලතම සංවර්ධන පිම්ම ඉදිරියට තියන්න ක්‍රියා කළා, හම්බන්තොට වරාය ලාභ ලබන ප්‍රදේශයක් බවට  පත් කර, ශ්‍රී ලංකාවම සංවර්ධනය කිරීමේ අත්තිවාරම දැම්මා, ඒ ගිවිසුම හෙට සභාගත කරලා, වාද විවාද කරන්න අවස්ථව  තිබෙනවා. මෙයින් රටට යහපත ලැබෙන්නේ, අපට පමණක් නොවේ, මෙය කඩ කප්පල් කරන අයටත් ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.