• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඛණිජ තෙල් සේවකයින්ට රජයෙන් ඉල්ලීමක්

Government logoමහජනතාව පත්වන පීඩා සහ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන වහාම සේවයට වාර්තා කරන ලෙස රජය වර්ජනයට එක්ව සිටින ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගෙන් ඉල්ලයි.

 



රජය පෙන්වා දෙන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින් පිරිසක් ඊයේ (25) සිට ආරම්භ කළ වර්ජනයත් සමඟ රට තුළ ඛණිජ තෙල් නිකුත් කිරීමේ හා බෙදා හැරීමේ කටයුතු අඩාල වීමෙන් මහජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති බවයි.


ගැටලු ඇත්නම් සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳා ගැනීමට ඉඩකඩ ලබාදීමට වගකිව යුතු රජයක් ලෙස නොපැකිළිව කටයුතු කරන බවද රජය අවධාරණය කරයි.


මහජනතාවට සිදුවන පීඩාව සලකා බලා අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ඛණිජ තෙල් ගබඩා කිරීම, ප‍්‍රවාහනය සහ නිකුත් කිරීම ඊයේ රාත‍්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර තිබේ.


අත්‍යවශ්‍ය සේවාවක් ප‍්‍රකාශයට පත් කළ විට සේවයට වාර්තා නොකරන්නේ නම් එවන් අයෙකු සේවය හැර ගියා සේ සලකනු ලබන බවද රජය පෙන්වා දෙයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.