• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රෝහල් තොරතුරු කළමනාකරන පද්ධතියක් විවෘත වෙයි

ICT logoරෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System) ගල්ගමුව මුලික රෝහලේ නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් පසුගියදා සිදු කෙරිණි.

 



රුපියල් කෝටි 105 ක පමණ වියදමකින් එම රෝහල නවීකරණය කිරීමෙන් පසු යලි ජනතා අයිතියට පැවරීමට සමගාමීව මෙම සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය හදුන්වාදීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.


ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන විසින් ක්‍රියාත්මක  ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන (Digital Health Programme) යටතේ  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මෙම පද්ධතිය හරහා  හැකිවන බව නියෝජිතායතනය පවසයි.


රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියට (HHIMS) තොරතුරු ඇතුලත් කෙරුණු රෝගියෙකුට ඒ සඳහා නිකුත් කෙරෙන  පෞද්ගලික සෞඛ්‍ය කාඩ්පත ජනාධිපතිතුමා  අතින් ලබාදුන්නේය.


මේ අතර ඉදිරියේදී තවත් රජයේ රෝහල් තුන්සියයකට පමණ මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ  ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු මහීස දයානන්ද  මහතා පැවසීය.


සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න,  විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්  නියෝජ්‍ය අමාත්‍ය  තාරනාත් බස්නායක යන මහත්වරුද  මෙම අවස්ථාවට සහභාගී වුහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.