• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති අද ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුව අමතයි

heආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගීතා සංවාද සමුළුව රටවල් 34 ක සහභාගිත්වයෙන් මේ දිනවල බැංකොක් නුවරදී පැවැත්වෙන අතර එහි රාජ්‍ය නායක සමුළුව අද (10) පැවැත්වෙයි.

 අද පෙරවරුවේ ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රාජ්‍ය නායක සමුළුව අමතමින් සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

ආසියාවේ ඵලදායීතාවය වැඩි කරමින් ලෝකයේ වැඩිම තරගකාරිත්වයක් ඇති කලාපයක් බවට ආසියානු කලාපය පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම රාජ්‍ය නායක සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර ඒ සඳහා පොදු එකඟතාවයන් රැසකට එළැඹිමට ද නියමිතය.

එමෙන්ම ශි‍්‍ර ලංකාව සහ අනෙකුත් ආසියානු රටවල් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය දේශනය තුළින් කරුණු පැහැදිළි කිරීමට නියමිතය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ආසියානු කලාපය ඉහළ දියුණුවක් කරා ගෙන යාමේ ආසියානු සහයෝගීතා සංසදයේ රාජ්‍යමය වැඩපිළිවෙළ සමුළුවට සමගාමීව ඊයේ ආරම්භ කෙරිණි. ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට සහභාගීවන රටවල් 34 ක ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් එම අවස්ථාවට එක්ව සිටියහ.

ආසියානු සහයෝගීතා සංසද රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාව තායිලන්ත අග‍්‍රාමාතවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ සනිටුහන් කළ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද විශේෂ ආරාධිතයෙකු ලෙස එම අවස්ථාවට එක් විය.

අනතුරුව රාජ්‍ය නායක සමුළුවට සභාගීවී සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රයට ද ජනාධිපතිතුමා එක්විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.