• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තෙල් සැපයීම අද සවස සිට යථා තත්ත්වයට

cabinetදිවයින පුරා තෙල් බෙදාහැරීම් සහ ප්‍රවාහන කටයුතු  අද (26) සවස් කාලයේ සිට යථා තත්ත්වයට පත් වන බව සම කැබිකට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය ‍වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 



ඒ මහතා මේ බව සඳහන් කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.


තෙල් බෙදාහැරීමේ කටයුතු සඳහා හමුදාවේද තාක්ෂණික සහය ලබාදී තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. ඒ මහතා ප්‍රකාශ කළේ පවතින තත්ත්වය තුළ රාජ්‍ය දේපල ආරක්ෂා කිරීමටත්, වර්ජනයෙන් ඉවත්ව සිටින නිලධාරීන් ආරක්ෂා කිරීමටත් කටයුතු කර තිබෙන බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.