• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දේශීය සහල් හිඟයකින් තොරව වෙළඳපොළට

rice8වී අලෙවි මණ්ඩලය සතු සියලු ම වී තොග මිලට ගෙන වහාම සහල් කර වෙළඳපළට  නිකුත් කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමූපාකාර තොග වෙළඳ සංස්ථාවට  (CWE) උපදෙස් ලබා දී ඇත. 



අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබාදුන්නේ  ඊයේ  (25) පාර්ලිමේන්තුවේදී  ජීවන වියදම් කමිටුවට රැස් වු අවස්ථාවේදීය.



වෙළඳපළේ දේශීය සහල් හිඟයක් ඇතිවීම වැලැක්වීම පිණිස මෙලෙස දේශීය සහල් තොග වෙළඳපළට  නිකුත් කරන බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. 


මේ අනුව වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන්  55,000ක් ඉතා ඉක්මනින්ම සහල් කර වෙළඳපළට  නිකුත් කරන අතර මෙයට අමතර ව තවත් සහල් මෙට්‍රික් ටොන් 50,000ක්  මියන්මාරයෙන් හා පකිස්තානයෙන් ආනයනය කිරීමටද පියවර ගෙන ඇති බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.