• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩෙංගු ධූමායනයට ජනතා සහාය අත්‍යවශ්‍යයි

denguමේ වනවිට රටතුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය කරුණක් බව ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය නැවතත් අවධාරණය කරයි. 


ඩෙංගු බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා ජනතාව දැනුවත්ව ඒ සඳහා ඔවුන්ගේ සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබාදීමට අමතරව, සෞඛ්‍ය අංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු ධූමායන කටයුතු පිළිබඳව දැනුවත්ව කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය කරුණක් බව ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පෙන්වා දෙයි. 


තම නිවස අවට ඩෙංගු ධූමායනය සිදුකරන අවස්ථාවල දී නිවෙස්වල දොර ජනෙල් විවෘත කර එම ධූමායනය නිවසට ඇතුළුවීමට ඉඩප්‍රස්ථා විවර කිරීම අනිවාර්යයේම සිදුකළයුතු කාර්යයකි. මේ පිළිබඳව ඇතුම් පිරිස් තුළ පවතින නොදැනුවත්භාවය හේතුවෙන් සමහර නිවැසියන් ධූමායනය සිදුකරන අවස්ථාවල තම නිවෙස්වල දොර ජනෙල් වසා දැමීමට කටයුතු කරන අවස්ථා නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 


ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කර ඇති ඩෙංගු ධූමායනයෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා ධුමායනය සිදුකරන අවස්ථාවන්හිදී තම නිවෙස්වල දොර ජනෙල් විවෘත කර එම ධූමායනය නිවෙසට ඇතුළුවීමට අවශ්‍ය පරිසරය සකස්කරන ලෙස ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජනතාව වෙත දැනුම් දෙනු ලබයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.