• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අගෝස්තු 2 දා නිසි පිළිතුරු දෙනවා- ඇමැති රවි කරුණානායක

RK බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී, තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස 02 දින බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

 



අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාදාමය පිටුපස තමාගේ චරිතය ඝාතනය කිරීමේ කිසියම් සැලැස්මක් පවතින බවයි.


අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ  ඊවේ (26) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති අදට යෙදෙන ජාතික යොවුන් කොඩි දිනයට සමගාමීව පැවැති ධජ පැළඳවීමේ උත්සව අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි. ජාතිත තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම මගින්, රවී කරුණානායක මහතාට මෙසේ යොවුන් කොඩියක් පැළඳවනු ලැබීය.


මේ අණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් මේ වගේ ස්වාධීන කොමිසමක් ඉදිරියට යාම සිදු වන අතර එය යහපාලන ආණ්ඩුවේ තිබෙන විනිවිධභාවය තුළ සිදු වන්නක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.