• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දීපව්‍යාප්ත පාසල් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනට ත්‍රිවිධ හමුදාව සහ පො‍ලිසියත් එක්වෙයි

denguදිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් අද (28), හෙට 29 සහ 30 යන තෙදින තුළ විශේෂ ඩෙංගු රෝග මර්දන වැඩසටහනක් සෑම පාසලක ම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.



ඒ අනුව, පාසල් දරුවන්, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගීත්වය ද ඇති ව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ද ලබාගනිමින් මෙම වැඩසටහන් සියලු පාසල් තුළ සක්‍රීය ව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය.


මීට අමතර ව මෙම විශේෂ වැඩසටහන සඳහා පාසල් ප්‍රජාව සමඟ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ‍සිවිල් ආරක්ෂක බළකාය ද අත්වැල් බැඳගනු ඇත.


අද දිනයේ සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන අතර, අධ්‍යයන කටයුතු වෙනුවට පාසල් කාලය පුරා පාසල් දරුවන් ද සම්බන්ධ කරගනිමින් මෙම පවිත්‍රතා ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. මෙහි දී පාසල් දරුවන්ට පාසල් නිලඇඳුම වෙනුවට ශ්‍රමදාන කටයුතු සඳහා සහභාගී විය හැකි විනීත ඇඳුමකින් සැරසී පැමිණීමට ද අවසර ලබා දී තිබේ.


මෙම ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන හෙට (29) සහ (30) දිනයන්හි දී ද පාසල් පරිශ්‍රයන් සහ ඒ අවට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා ද පාසල් ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.