• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව හෙට කොළඹ දී

Sarrc06 වන සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 29 වැනි දා ගල්කිස්ස හොටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන ඡ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්ගේ රැස්වීම ඊයේ (27) ආරම්භ විය.

 



එම රැස්වීම් අද  (28) දිනයේ ද පැවැත්වේ.


"දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය” 1985 වසරේ පිහිටුවන ලද අන්තර්ජාතික සංවිධානයකි. ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව එහි සාමාජික රටවල් වෙයි.


මෙම සංවිධානයේ අරමුණ වන්නේ ජනතාවගේ සුබසාධනය නගා සිටුවීම හරහා ජීව්තවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නියෝජනය කරන සාර්ක් සාමාජිකත්වය මහජන සෞඛ්‍ය, රෝග වැළැක්වීම සහ වඩාත් හොඳ ගුණයෙන් යුතු ජිවිතයක් ජනතාවට ලබාදීම යන කරුණු මත පිහිටා කටයුතු කරයි.


මෙම වසරේ දී කලාපිය වැදගත්කමකින් යුත් සෞඛ්‍ය ගැටලු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. බෝනොවන රෝග, පෝෂණය, සනීපාරක්ෂාව, වාහක රෝග, ක්ෂය රෝගය, එච්.අයි.වී රෝගය අතුලු තවත් කරුණු ගණනාවක් ඊට ඇතුලත් වෙයි. මෙම රැස්වීමේ දී කොළඹ ප්‍රකාශණය හඳුන්වාදීමට ද නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.