• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හම්බන්තොට වරාය ගිවිසුමට හෙට අත්සන් තැබේ

Ranil wickramasinghe 2017 PICහම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ රජය විසින් චීනයේ "චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම" සමග ඇතිකර ගැනීමට යන අනුග්‍රාහක ගිවිසුමට හෙට (29) අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (28) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.


මෙම ගිවිසුම අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට අනුමැතිය ලබාගත් බවත්, එහෙත් ඒකාබද්ධ විපක්ෂය ඒ පිළිබඳව විවාදයට සහභාගී නොවී ඝෝෂා කරමින් සභාවෙන් පළා ගිය බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.


ඔවුන් මෙම විවාදයට සහභාගි නොවූයේ ඒ ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන්ට කීමට කිසිදෙයක් නොමැති නිසා බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.