• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ, රුසියානු හා ඇමරිකානු තානාපතිවරු විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ

america and rusia e ambssidor met srilankan fm2017 8 1ශ්‍රී ලංකාවේ, රුසියානු තානාපති ඇලෙක්ස්සැන්ඩර්  ඒ කර්චාවා ( Mr. Alexander A. Karchava) මහතා සහ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් (Athul keshap) මහතා ඊයේ (31) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවිය. මෙම හමුව විදේශ කටයුතු අමාත්‍යංශයේදී සිදුවිය.
 
 
 
 
 


america and rusia e ambssidor met srilankan fm2017 8 2පළමුවෙන් රුසියානු තානාපති ඇලෙක්ස්සැන්ඩර්  ඒ කර්චාවා මහතා රවි කරුණානායක මහතා හමුවී ප්‍රකාශ කළේ  රුසියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී බැඳීම වර්තමානයේ ශක්තිමත් වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා රුසියාව නිරන්තරයෙන් සහය ලබා දෙන බවද තානාපතිවරයා කීය. මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ රුසියාව ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී රටක් ලෙස නිරන්තරයෙන් ලබාදෙන සහය අතිශය අගය කරන බවයි.


මේ අතර ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා, විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පූර්ණ සහය පළ කරන බවයි.


රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා සමාජීය සංවර්ධනය ඉහළ තලයක පවතින බවත් එය සතුටු දායක තත්ත්වයක් බවත් පෙන්වාදුන් කෙෂාප් මහතා ඉදිරියේදී, එම ක්‍ෂේත්‍රයන් ශක්තිමත් කිරීම සඳහා සහයවන බව පැවසීය.


මෙහිදී රවී කරුණානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවත් ඇමරිකාවත් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය දක්වන කැපවීම ඉතා වැදගත්වන බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.