• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

darmachakraමෙරටට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දී 40 වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට හතලිස් වසරක් සපිරීම නිමිත්තෙන් මෙන්ම රට ජාතියට සෙත් පැතීමත්, පොදුජන මෙහෙවර සඳහා කැපවී සේවා සලසන සියලු දෙනා වෙත ආශිර්වාද පැතීමත් අරමුණු කර ගනිමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් මෙම මස 3 වෙනි දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.


පසුදින උදෑසන 40 නමක් විෂයෙහි හීල් දානය පිරිනැමෙන බවත් මෙම ආගමික කටයුත්ත දිස්ත්‍රික්කයේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි ආයතනයන්හි සංවිධානත්වයෙන් පැවැත්වෙන බවත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.