• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගී සත්කාරක සේවා අද සිට නොමිලේ

Navl pranandu Hos2017වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් රජයට පරිත්‍යාග කරන ලද මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (01) දින සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය අගහරුවාදා අමාත්‍ය මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කරමින් මෙම රෝහල සඳහා පාලක මණ්ඩලයක් පිහිටුවීමට අනුමැතිය ලබාගෙන ඇත. එහි සභාපතිවරයා වන්නේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතායි. රෝහල් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය රියර්අද්මිරාල් එන්.ඊ.ඩබ්. ජයසේකර මහතා පත්කර ඇත. 


මෙම රෝහලෙන් අද සිට ජනතාවට නොමිලයේ ප්‍රතිකාර සේවා ලබාගත හැකිය. ඒ අනුව සියලු ම රෝගීන්ට අවශ්‍ය ඖෂධ ද නොමිලේ ලබාදෙන අතර, ඒ සඳහා වූ ඖෂධ ඊයේ (31) පස්වරුව වන විට වෛද්‍ය සැපයුම් අංශය විසින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ලබාදී තිබුණි. 


තවද ඇදන් 600 කින් යුත් මෙම රෝහලේ මෙි වනවිටත් රෝගීන් විශාල පිරිසක් ප්‍රතිකාර ලබයි. රෝහලේ අවශ්‍යතා සඳහා රුපියල් කෝටි 20 ක මුදලක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් රැසක් මෙම රෝහලේ සේවය කරති. මානව සම්පත් ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙම රෝහල ඉදිරියේ දී නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිතය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.