• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදුලි කප්පාදුවක් වන්නේ නැහැ - විදුලිබල ඇමැති

Ranjith siyambalapitiyaවියළි කාලගුණය හමුවේ විදුලි බිල වැඩි කිරීමක් හෝ විදුලිය කප්පාදුවක්  සිදු වන්නේ නැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 



විදුලිය සැපයීම සම්බන්ධයෙන් ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී තිබෙන බවත් දෛනික විදුලි ඉල්ලුම ගිය වසරේ මෙම කාලයට වඩා 10%කින් ඉහළ ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


 අපේ විදුලිය නිෂ්පාදනය කරන ජල ධාරිතාව 36‍% දක්වා අඩු වෙලා තියෙනවා. සමහර ජලාශ වල ධාරිතාව 20‍%දක්වා අඩු මට්ටමකට පැමිණ තියෙනවා. අපේ ප්‍රධානතම බලාගාරය බවට පත් වී තියෙන නොරෙච්චෝලේ තාප බලාගාරයේ මෙගවො. 300ක් නිපදවන එක් යන්ත්‍රයක් අලුත්වැඩියාවක් සඳහා නතර කර තියෙනවා. ඒ වගේම පෞද්ගලික බලාගාරයක් වන සොජිස්ටිස් බලාගාරයේ මෙගවො. 60ක් අලුත්වැඩියාවක් සඳහා නතර කර තියෙනවා. මේ සියලුම අභියෝග ජල විදුලිය නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ අපට විශේෂයෙන්ම තාප බලාගාර සියල්ල ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි මේ ගැන ජනතාව එක්කල ඒ වගේම රජය එක්ක කතා කරා අපට මේ 2017 පළවෙනි මාස 6 තුළ දීර්ඝවම අඛණ්ඩව නියගය පැවතුණොත් අප ගණනය කරලා තිබුණා රු. බිලියන 51 ක වැඩිපුර මුදලක් දරන්න වෙනවා අඛණ්ඩව විදුලිය ලබා දීමට.


අප යම් ආකාරයකින් සතුටු වෙනවා ඒ ගණනය කළ බිලියන 52 අමතර වියදම පළවෙනි මාස 6 දී බිලියන 38ක් දක්වා අමතර වියදම අඩු කරගන්න. එය විශේෂ කළමානකරණය වගේම විශේෂ ක්‍රම මඟින්, හැකි හැම විටම අවම වියදම පිළිබඳ තීරණ ගැනීම, අපි හැම මිලදී ගැනීමක්ම ඉතාමත් තරඟකාරි ආකාරයට සිදු කිරීම නිසා තමයි අපට මේ තැනට එන්න පුළුවන් වුණේ. ඒ විදියටම ඉදිරි අභියෝග හමුවෙත් අපි බලාපොරොත්තු වෙනවා භාණ්ඩාගාරයේ, රජයේ සහයෝගය ඇතුව විදුලිය කප්පාදුවක් හෝ ව්දුලි බිල වැඩි කිරීමක් සිදු නොකිරීමකට.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.