• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොරියානු Eximbank විසින් ද්විතියික අධ්‍යාපනයට තොරතුරු සන්නිවේදන තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් (ICT Hub) පිහිටුවීම සඳහා ශක්‍යතා අධ්‍යනයක

Korean news 2017 8 2ද්විතීක අධ්‍යාපනයට ICT කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම සඳහා කොරියානු එක්සිම් බැංකුව විසින් පැවැත්වූ KSP-ADB ඒකාබද්ධ උපදේශන වැඩසටහන මේ වන විට අවසන්වී ඇත.



මෙහි අවසන් සම්මන්ත්‍රණය පවත්වනු ලැබුවේ ජූලි මස 26 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන්ය. මෙහිදී කොරියානු උපදේශක කණ්ඩායම මෙම අධ්‍යනයේ අවසාන ප්‍රතිඵල රජයේ නිලධාරීන්ට ඉදිරිපත් කරන ලදී.


යෝජිත ව්‍යාපෘතිය මගින් ජාතික, පළාත් හා කලාපීය මට්ටමේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා ව්‍යාප්ත සැලැස්මක් ආවරණය කරයි. ජාතික අන්තර්ගත සංවර්ධන මධ්‍යාස්ථානය (NCDC) සහ නැගෙනහිර පළාත සහ දකුණු පළාත්වල, පළාත් තොරතුරු තාක්ෂණික අධයාපන මධ්‍යස්ථාන 2 ක් (PICTECs) අලුතින්ම ඉදිකරන අතර, PICTECs 5 කට සහ කලාපීය තොරතුරු තාක්ෂණික අධ්‍යාපන මධ්‍යාස්ථාන 99 කට (ZICTECs) අධ්‍යාපන උපකරණ, ජාල පද්ධතිය, කාර්යාල උපකරණ සැපයේ. මීට අමතර ව මෙම කේන්ද්‍රස්ථානයේ තිරසාර ධාරිතාව ගොඩනැංවීමේ අරමුණින්, රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් සහ අන්තර්ගත සංවර්ධනය හා e-ඉගෙනුම් පිළිබඳ උපදේශන ලබා දෙනු ඇත.  


     
වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික ජනගහනයෙන් 39.2% කට පරිගණක සාක්ෂරතාව ඇත. ග්‍රාමීය ප්‍රදේශවල සහ වතුකරයේ ජනගහනයෙහි පරිගණක සාක්ෂරතාවය පිළිවෙළින් 25.5% හා 9% ක යන අඩු මට්ටමක පවතී. ඩිජිටල් ආර්ථිකයක් (Digital Economy) කරා යාමේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම තත්ත්වය බාධාවක් වී තිබේ. එවන් පසුබිමක් තුළ, මෙම ව්‍යාපෘතිය ඩිජිටල් ආර්ථිකය සහ දැනුම පදනම් කරගත් සමාජයක් සාක්ෂාත් කර ගැනීම සඳහා පමණක් නොව ශ්‍රී ලංකා ආර්ථිකය දිරිගැන්වීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පීන්ගේ ශ්‍රම බලකායද වැදගත් වනු ඇත.     

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.