• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වියළි කාලගුණයෙන් පිඩාවට පත් ජනතාවට සහන

Hon gayantha K cabinetදැනට දිවයිනට බලපා ඇති දැඩි නියඟයේ බලපෑම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් හඳුනාගෙන එම පවුල්වල සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය පොදු වැඩ සඳහා යොදවා ගැනීමේ පදනම මත, රුපියල් 5,000/-ක් වටිනා වියළි ආහාර සලාකයක් 2017 අගෝස්තු මස සිට මාසිකව එම පවුල් වෙත ලබාදීමට රජය තීරණය කර තිබේ.

 



ඒ සඳහා ඊයේ (01) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ , සම කැබිනම් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


සේම  සිදු වී ඇති වගා හානි සඳහා අදාළ රක්ෂණාවරණයන් යටතේ කඩිනමින් වන්දි ලබා දීමටත්, පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය ලැබී ඇත.


මෙම වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පවුල් 500,000ක් පමණ පීඩාවට පත්ව ඇති අතර, එමඟින් එම ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපායන්ටද දැඩි බලපෑමක් එල්ල වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, පෙර වර්ෂවල නියං ආපදා තත්ත්වයන්හිදී කටයුතු කළ පරිදි මෙම බලපෑමට ලක් වූ පවුල් සඳහා සහන සැලසීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.


 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.