• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පළාත් සභා ඡන්ද සඳහා 20වැනි ව්‍යවස්ථා සංශෝධනයක්

Hon gayantha K සියලු පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම් එක් දිනක් තුළ පැවැත්වීමට හැකිවන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධන ඇතුළත් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1988 අංක 2දරණ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී ඇත.


මෙම 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් දැනටමත් සක්‍ය කොට ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.