• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයක්

He news 2017 8 5අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතින් ඊයේ (04)  සිසු අයිතියට පැවරිණි.

 



එම විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැදවාගෙන යනු ලැබූහ.


සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.


විද්‍යාලයේ සෞන්දර්යය අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිදෙනෙකුට ත්‍යාග ප්‍රදානය කිරිම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.


විදුහල්පති ඩී. රණසිංහ මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.


අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.