• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විශ‍්‍රාමික රණවිරු මානව සම්පත ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ

mithripalasirisenaතාක්ෂණ නිලධාරින් ලෙස බඳවා ගත් විශ‍්‍රාමික රණවිරුවන් 50 දෙනෙකුට ජනපති අතින් පත්වීම් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කළ විශ‍්‍රාමික රණවිරු මානව සම්පත ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර ලෙස තාක්ෂණ නිලධාරින් ලෙස බඳවා ගත් විශ‍්‍රාමික රණවිරුවන් 50 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

තවදුරටත් වැඩ කළ හැකි වයසේ පසුවන විශ‍්‍රාමික රණවිරුවන් නැවතත් ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීම හා ඒ හරහා ඔවුන්ගේ සුබසාධනය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙවන් වැඩසටහනක් රට තුළ කි‍්‍රයාත්මක කෙරුණු පළමු අවස්ථාව මෙය වන අතර පත්වීම් ප‍්‍රදානය කිරිමේ උත්සවය ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ සෙසු නිලයන්ට වඩා ඉතා අඩු වයස් මට්ටමකින් විශ‍්‍රාම ලබන රණවිරුවන් තම දැනුම සහ අත්දැකීම් ඉතා පරිපූර්ණව රටට ලබාදිය හැකි අවස්ථාවක සේවයෙන් ඉවත් වන බවයි.

ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් ජාතික ආර්ථිකයේ සංවර්ධනය වෙනුවෙන් දායක කර ගැනීම සහ රණවිරුවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කළ බව පැවසූ ජනාධිපතිතුමා වත්මන් රජය රණවිරුවන්ට නොසළකන බවට ඇතැමුන් විවිධ චෝදනා සිදු කළද පසුගිය රජයන් සියල්ලට වඩා වත්මන් රජය රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන බවත්, ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කිරිමට කැපවී සිටින බවත් කියා සිටියේය.

එමෙන්ම මෙම පත්වීම් ලබාදීම තුළින් රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම්වලට කිසිදු බාධාවක් එල්ල නොවන බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා උගත් තරුණ පරපුරට හිමි කැඳවීම් එළෙසින්ම සිදු කෙරෙන බව ද කියා සිටියේය.දැනට විශ‍්‍රාම ගොස් සිටින රටෙහි ජාතික සංවර්ධනයට දායක කරගත හැකි රණවිරුවන්ගේ සංඛ්‍යාව 1,13,598 ක් පමණ වේ.

ඉහත රණවිරුවන් සඳහා රැුකියා හා ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වෙනම අධ්‍යක්ෂවරයෙකු සහ විශ‍්‍රාමික රණවිරු සුබසාධක අංශයක් ද පිහිටුවා තිබෙන අතර විශ‍්‍රාමික රණවිරුවන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ලියාපදිංචි වීම සඳහා වෙබ් අඩවියක් ද ආරම්භ කර තිබේ.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද ති‍්‍රවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයින් පිරිසක් පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.