• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සිංහල සංස්කෘතික ලක්ෂණ මෙන්ම දෙමළ සංස්කෘතික ලක්ෂණද රැකගත යුතුයි

Hon.rejinold kure13 වන දෙමළ ජ්‍යාත්‍යන්තර සම්මේලනය අද දින උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සහභාගිත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාසපති ශාලාවේදී පැවැත්විණි.


මෙය සෑම වසර 3කට වරක් පවත්වනු ලබන අතර මෙවර ශ්‍රී ලකාවේ පළමු වරට යාපනයේදී පැවැත්විය.


ජාතික සංහිදියා වැඩපිළිවෙළ අරමුණු කරගෙන පැවැත්වෙන මෙම සම්මේලනය දින දෙකක් පුරා පැවැත්වේ. 


එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා පැවසුවේ, සිංහල සංස්කෘතියේ ගතිලක්ෂණ මෙන්ම ද්‍රවිඩ සංස්කෘතික ගති ලක්ෂණද   ආරක්ෂා කරවීම සඳහා පැවැත්වෙන මෙම සම්මේලනය සම්බන්ධව සියලු නායකයින්ට  මගේ හද පිරි ස්තුතිය පුද කරනවා. වර්තමානයේ නවීන තාක්ෂනය දියුණුවත් සමඟ සංස්කෘතිය රැකගැනීම අපහසුවී තිබෙනවා.


ඒවා ආරක්ෂා කර ගැනීමට මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳ ව මම ස්තුතිවන්ත වෙනවා. 


මේ රට හරි ලස්සන මල්වත්තක්. මේ මල් වත්තේ එක එක ජාතියේ මල් තිබෙනවා.එක එක සුවද තියෙනවා.ඒ නිසා තමයි මේ මල්වත්ත හරි ලස්සනට තියෙන්නේ.


ඒවගේම මේ ලෝකේ එක එක සංස්කෘතීන් තියෙනවා. ඒවා හරි ලස්සනයි. 
මේ කෙටි කාලය තුළ උතුරු පළාත විශාල දියුණුවකට ලක් වී තිබෙනවා. මම ඉල්ලීමක් කරනවා මේ සම්මේලනයට සම්බන්ද ඔබ කොයිරටේ හිටියත් තමන්ගේ සංස්කෘතිය රැකගන්න, ආරක්ෂා කරගන්න කියලා. 


මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණන්, යාපනය දිසාපති වේදනායගම් සහ සම්මේලනයේ ජ්‍යාත්‍යන්තර නියෝජිතයින් රැසක් සහභාගිවී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.