• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ සංවර්ධන වැඩපිළිවෙළක් වත්මන් රජයෙන්

He news 2017 8 8 1දැයේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට මෙන්ම ග‍්‍රාමීය ජනතාව සිය දෛනික ජීවිතයේ මුහුණදී සිටින ගැටලු සඳහා විසදුම් ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා වත්මන් රජය ප‍්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.



ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අරලගංවිල ශී‍්‍ර ජේතවනාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට පසුගිය (05) පස්වරුවේ එක්වෙමිනි.


සියලු ජනතාවට සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම වත්මන් රජයේ වැඩපිළිවෙළ බව පැවසූ ජනාධිපතිතුමා පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාවට සිදුවූ සංවර්ධනයේ අසාධාරණය මගහරිමින් ඉදිරි වසර 03 තුළ එහි අධ්‍යාපන, සෞඛ්‍ය මෙන්ම පානීය ජල පහසුකම් අංග සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.


යහපත් සමාජයක් ගොඩනැගීමට ඉතිහාසයේ මෙන්ම අද සහ හෙට දවසේ ද වැදගත් වන්නේ ගමේ පන්සල ප‍්‍රමුඛ ආගමික ස්ථාන බව පැවසූ ජනාධිපතිතුමා එම ස්ථාන වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසාදෙමින් අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් සමාජයක් සමග සංවර්ධනයේ අපේක්ෂා ජය ගැනීම වත්මන් රජයේ අරමුණ බව ප‍්‍රකාශ කළේය.


අද පස්වරුවේ අරලගංවිල ශී‍්‍ර ජේතවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබාගත් අතර විහාරාධිපති පූජ්‍ය මින්නේරියේ සුබාලංකාර නායක ස්වාමින් වහන්සේ බැහැ දැක සුව දුක් විමසීය.


විහාරස්ථානයට අදාළ පූජා භූමි ඔප්පුව ද මෙහිදි ජනාධිපතිතුමා අතින් විහාරාධිපතිහිමියන් වෙත පිළිගැන්විණි.ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විහාර පරිශ‍්‍රයේ නා පැලයක් රෝපණය කිරීම ද සිදු විය.


දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය විල්ලානේ සිරියාලංකාර නායක හිමිපාණන් වහන්සේ පුණ්‍යෝත්සවයේ මුලසුන හෙබවූ අතර පළාතේ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොළොන්නේ මහතා ඇතළු ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.