• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිකිණි පොහෝ දින ආගමික වැඩසටහන්වලට ජනපති එක්වෙයි

He news 2017 8 8 3සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ නිකිණි පොහෝ දින වැඩසටහන ඊයේ (07) පෙරවරුවේ බණ්ඩාරගම අලුත්ගම උභයවාපිකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සභභාගීත්වයෙන් පැවැත්විණි.


විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විහාරාධිපති පූුජ්‍ය මාවිත්තර සුමනරතන ස්වාමීන් වහන්සේ බැහැදැක, උන්වහන්සේට පිරිකර පූජා කොට ආශිර්වාද ලබා ගත්තේය.


රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සී ස්වාමීන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූ අතර ධර්මය ශ‍්‍රවණය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.


විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ සූර්ය බල පද්ධතිය විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.


මෙම ධර්ම දේශනා වැඩසටහනට මහින්ද සමරසිංහ, අජිත් පී. පෙරේරා යන අමාත්‍යවරුන් ද පා.මන්ත‍්‍රී මලිත් ජයතිලක මහතා ද පළාත් මැති ඇමතිවරුන් ද ප‍්‍රදේශවාසී සැදැහැවත්හු විශාල පිරිසක් ද එක්ව සිටියහ.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.