• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පෙරහර සංදේශය ජනපතිට භාරදීම අද

Perahera sandeshayaඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ බවට වන පෙරහැර සංදේශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද (08) පස්වරුවේ මහනුවර ජනපති මන්දිරියේ දී සිදු කෙරේ. ඉන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.


ගැටඹේ තොටේ දී දිය කැපීමෙන් අනතුරුව පැවැත්වෙන දවහල් පෙරහැර මාලිගාව වෙත ගෙවදීමෙන් පසු අලි ඇතුන් සහිත කෙටි පෙරහැරකින් මහනුවර ජනපති මන්දිරයට ගමන්කර පෙරහැර සංදේශය ජනපතිවරයා වෙත බාරදෙයි.

අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය විචිත්‍රවත් කිරීම සඳහා දායකත්වය ලබාදුන් ශිල්පීන් සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන, සහතික හා මුදල් ත්‍යාග පිරිනැමීම පෙරහැර සමාප්ති උත්සවයේ දී සිදු කිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.