• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශී‍්‍ර ලංකාව තුළ තහවුරු වී ඇති ආගමික සංහිඳියාව තුර්කි හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ පැසසුමට

He news 2017 8ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය ශක්තිමත් වී ඇතිවා මෙන්ම වාර්ගික හා ආගමික සහජීවනය පිළිබඳ ආදර්ශමත් දේශයක් බවට පත්ව ඇති බව තුර්කි ජනරජයේ හිටපු අගමැති මහාචාර්ය අහමට් ඩවුටොග්ලු (Ahmet Davutoglu) මහතා පවසයි.


දිවයිනට පැමිණ සිටින තුර්කි හිටපු අග‍්‍රාමාත්‍යවරයා ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.


ත‍්‍රස්තවාදය මෙන්ම වාර්ගික හා ආගමික අසහනය පිරි ලෝකයේ සංහිඳියාව පිළිබඳව වැදගත් නූතන ආදර්ශයක් ලබාදී ඇති රටක් ලෙස තමා ශී‍්‍ර ලංකාව දකින බව මෙහිදී පැවසූ හිටපු තුර්කි අග‍්‍රාමාත්‍යවරයා ආගමික සංහිඳියාවේ තෝතැන්නක් ලෙස අද ශී‍්‍ර ලංකාව හඳුන්වාදිය හැකි බව ද සඳහන් කළේය.


තමා ඊයේ මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා පෙරහැර නැරඹූ බවත්, අද උදෑසන පිටකොටුවේදී හින්දු බැතිමතුන් විසින් පවත්වනු ලැබූ වර්ණවත් වේල් පෙරහැරක් ද දැක බලා ගත් බවත් පැවසූ තුර්කි හිටපු අග‍්‍රාමාත්‍යවරයා මෙම ආගමික සංහිඳියාව පිළිබඳ තමා දැඩි සතුටට පත්වන බව ද කියා සිටියේය.


එමෙන්ම ශී‍්‍ර ලංකාවේ නූතන සාර්ථක විදේශ පිළිවෙත ද හිටපු තුර්කි අග‍්‍රාමාත්‍යවරයාගේ පැහැදීමට ලක්විය.


තුර්කි රජය ජාත්‍යන්තර තලයේදී ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය පිළිබඳ මෙහිදී සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා දෙරට අතර සහයෝගීතාවය ආයෝජන, වෙළෙඳ, කෘෂිකර්ම සහ සංචාරක, ගුවන්සේවා යන ක්ෂේත‍්‍රවලින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම ශී‍්‍ර ලංකාවේ අරමුණ බව කියා සිටියේය.


ආසියාව හා යුරෝපය අතර කේන්ද්‍රය වන තුර්කිය නාවුක කේන්ද්‍රයක් බවට පත්වීමට අමතරව දැන් ගුවන් ප‍්‍රවාහන කේන්ද්‍රයක් බවට ද පත්ව ඇති බව පැවසු හිටපු අග‍්‍රාමාත්‍යවරයා භූගෝලීය වශයෙන් ජාත්‍යන්තර නාවුක මාර්ගයට සමිපව පිහිටි ශී‍්‍ර ලංකාවට නාවුක කේන්ද්‍රයක් බවට පත්වීමටත්, කලාපය තුළ ගුවන් ප‍්‍රවාහන කේන්ද්‍රයක් බවට පත්වීමටත් පහසුවනු ඇතැයි ද සඳහන් කළේය.


හිටපු කථානායක අල්හාජ් බාකීර් මාකාර් මහතාගේ විශේෂ ගුණානුස්මරණ දේශනය පැවැත්වීම වෙනුවෙන් තුර්කි හිටපු අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණි අතර ඒ පිළිබඳව සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා බාකීර් මාකාර් මහතා සෑම පක්ෂයකම ගෞරවයට පාත‍්‍ර වූ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව ද සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.